අලුත් අාණුඩුව බලයට පත්වෙද්දී දීපු පොරොන්දුවක් තමයි උසස්පෙළ සිසුන්ට ටැබ් දෙනවා කියපු එක. කිව්වා වගේම ටැබ් දෙන්න ටෙන්ඩර් කැදෙව්වත් කැබිනට් එකේදී එ්ක ප්‍රතික්ෂේප වුණා. අධ්‍යාපන අැමති අකිල විරාජ් කාරියවසම් මහතාට නම් මේ වැඩේට හොදටම කේන්ති ගිහින්. පහුගයි දවසක තිබ්බ රැස්වීමකදී එ්කට සැර කතාවක් එතුමා කිව්වා.
“පහුගිය කාලයේ අධ්‍යාපනයේ ධනාත්මක වෙනසක් අැති කරන්න අපිට පුළුවන් වුණා. පාසල් නිල අැදුම් වෙනුවට වවුචර් දුන්නා. එ්කෙන් රජයට සිද්ධ වුණ ලොකු පාඩුවක් නවත්ත ගත්තා. ඕන නම් මටත් තිබ්බා නිල අැදුම් රෙදි දෙන්න. මටත් කොමිස් ගන්න තිබ්බා. හැබැයි මම එහෙම කරේ නෑ.” කියලයි අැමතිතුමා කිව්වේ.
ඉස්සරහට පාසල්වල පරිගණක විද්‍යාගාර වලට පරිගණක සල්ලි දීලා ගන්නේ නෑ කියලා අැමතිතුමා කිව්වා. එ් වෙනුවට පරිගණක බද්දට ගන්නවා. එතකොට එ් කාලය පුරාවටම පරිගණක බද්දට ගන්නා අායතනය අලුත්වැඩියා සහ නඩත්තු කටයුතු කරන්න ඕන මේකෙන් රජයට වෙන ලොකු පාඩුවක් අවම කර ගන්න පුළුවන්.