ලබන මාසේ 6 වෙනිදා නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලිය පටන් ගන්නවා. ශ්‍රී ලංකාව එක්ක ඉන්දියාව සහ බංගලාදේශය නිදහස් කුසලානය දිනා ගන්න සටන් වදිනවා.
නිදහස දිනා ගන්න එන ඉන්දීය ක්‍රිකට් බලඅැණිය ප්‍රභලයින් රැසක්ම ගෙදර තියලයි එනනේ. විරාත් කෝලි සහ මහේන්ද්‍ර සිං දෝණි එ් අතරින් ප්‍රධානයි. හර්දික් පාණ්ඩ්‍යා, කුල්දීප් යාදව්, බුවනේශ්වර් කුමාර් සහ ජස්ප්‍රිට් බුම්රාත් නිදහස් කුසලානයේදී විවේක ගන්වලා තියෙනවා.
ශ්‍රී ලංකාව සහ බංගලාදේශය එක්ක තරඟවදින්න ජේෂ්ඨ ක්‍රීඩකයින් අවශ්‍ය නෑ කියලයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කියලා තිබ්බේ. මේ තරඟාවලියට නවක ක්‍රීඩකයින් 5 දෙනෙක් ඉන්දීයාව කැඳවලා තියෙනවා. කණ්ඩායමේ නායකත්වය බාර දීලා තියෙන්නේ රෝහිත් ෂර්මාට.
මේ තියෙන්නේ නිදහස් සටනට එන ඉන්දීය බලඅැණිය.