News Line| Off Air
Generic placeholder image

Feb
26

දූෂණ වංචා වල වැරදිකරුවන්ට ඉක්මණට දඩුවම් දෙන්න අගමැති කමිටුවක් පත්කරයි.

477 Views


දූෂණ වංචා වල වැරදිකරුවන්ට ඉක්මණට දඩුවම් දෙන්න අගමැති කමිටුවක් පත්කරයි.

දූෂණ හා වංචා සම්බන්ධව අනුගමනය කරන්න ඕන ක්‍රියා මාර්ග කඩිනම් කරන්න දොස්තර රාජිත සේනාරත්න, ඩී.එම්. ස්වාමිනාදන් සහ අජිත් පෙරේරා යන අමාත්‍යවරුන්ගෙන් සැදුම් ලත් කමිටුවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් පත් කරල තියෙනවා. නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්වරයා මේ කමිටුවේ ලේකම් ධූරය දරණවා.

මේ තීරණයට එළැඹිලා තියෙන්නේ අද (26 වන දා) උදෑසන නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, පොලිස්පති ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් අරලියගහ මන්දිරයට කැඳවා පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී. දූෂණ හා වංචා මැඬලීම සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා දීලා තිබුන වාර්තාව ගැනත් මෙහිදී අවධානය යොමු කෙරුනා.

මේ සාකච්ඡාවට මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න, පොලිස්පති පූජිත ජයසුන්දර, විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී එම්.ආර්. ලතීෆ්, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුනා.


News Articles
Latest Videos
Most Popular Post