News Line| Off Air
Generic placeholder image

Feb
27

ලග්න දෙකකට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

925 Views


ලග්න දෙකකට ව්‍යාපාර කටයුතු සාර්ථක වෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද පෙබරවාරි මස 27 වනදා  
රාහු කාලය  දිවා කාලය සඳහා සවස 03.23 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.23 සිට 04.54 දක්වා
සුභ දිශාව: නැගෙනහිර 
මරු සිටින දිශාව : බස්නාහිර

 

 

මේෂ ලග්නය

වෙනදට වඩා දුර්වල ගති ලක්ෂණ  දිනයකි. තීරණ ගැනීමේදී මෙන්ම අන් අය  සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. එඩිතරව  ක්‍රියාශීලීව  කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය                                         ජය අංකය: 04

වෘෂභ ලග්නය

සුක්ෂම කලා නිර්මාණ වලට මෙන්ම කාර්මික වලටද ඉතාම සුභ දිනයකි. විදෙස්ගත වීමට බලාපොරොත්තුවෙන් සිටියා නම් ඒ සඳහා උත්සාහ කිරීමට වැදගත් දිනයක්. කලා නිර්මාණ වලට සුභ දිනයකි. වෙනදට වඩා නිර්භීතව හා උනන්දුවෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දම් පැහැය                                      ජය අංකය: 03

මිථුන ලග්නය

යහපත් ගති පැවතුම් නිසාම ඔබ අන් අය අතර වැඩි ආකර්ෂණයක් ලබාගන්නා දිනයකි. පිනට දහමට වැඩියෙන් යොමුවන දිනයකි. වෙනදට වඩා ඔබගේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් විය යුතු දිනයකි. නායකත්ව ගතිලක්ෂණ පෙන්නුම්  දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න.
ජය වර්ණය:  ලා කොළ පැහැය                                     ජය අංකය: 02

 

කටක ලග්නය

වඩාත් ගෞරවනීය ලෙස දිනය ගතකිරීමේ වාසනාව පවතින දිනයකි. සමාජ ආකර්ෂණය වැඩිවන දිනයකි. ප්‍රේම සම්බන්ධතා ඇතිවන දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. වඩාත් කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                                ජය අංකය: 01

සිංහ ලග්නය

කෝපයෙන් යුතුව කටයුතු කිරීම  ඔබට අසුභ ප්‍රතිඵල ගෙනදෙයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. අවංකව කටයුතු කරන්නට සිතට ගැනීම වඩාත් යහපත්. අන් අය සමඟ කරන වැඩ කටයුතු වලදී තරමක් කල්පනාකාරී වීම වඩාත් වැදගත්.
ජය වර්ණය: ලා රන්වන් පැහැය                                  ජය අංකය: 03

කන්‍යා ලග්නය

ඔබ දුන් ණය මුදල් නැවත ඔබට ලබාගත හැකි දිනයකි. අන් අයට උදව් කිරීමටද පෙළඹෙයි. මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඔබේ ආර්ථික ශක්තියද වඩාත් ඉහල දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                      ජය අංකය: 02

 

තුලා ලග්නය

මහා පරිමාන ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයක් වන අතර වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. අවශ්‍යතාවය අනුව ඔබ ඉතාම හොඳ දේ තෝරාගෙන වැඩ කටයුතු කරන දිනයකි. වඩාත් බුද්ධිමත්ව කටයුතු කළහැකි දිනයකි.  තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 01

 

වෘශ්චික ලග්නය

 

ගංගා හා මුහුදු ආශ්‍රිතව කටයුතු කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. සත්‍යට ගරු කරමින් කටයුතු කරන දිනයකි. ඔබ ඔබ අද දින වඩාත් අවංකව කටයුතු කරන අතර අන් අය වෙනුවෙන් පෙනී සිටින දිනයකි. පවුල වෙනුවෙන් වැඩියෙන් කැපවන දිනයක් වන අතර දු දරුවන්ගෙන් වැඩි ආදරයක් ලබන දිනයකි. මිත්‍යා මත ඉවතලා සාර්ථකව දිනය ආරම්භ කරයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය                                              ජය අංකය: 09

 

 

ධනු ලග්නය

නොදන්නා අය ආශ්‍රයේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඉඩමක් හා නිවසක් සම්බන්ධව බලාපොරොත්තුවක් තිබුනානම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට ඉතාම යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. වැඩිහිටියන්ගේ නිසි උපදෙස් පිලිපැදීමද වැදගත් වන දිනයකි. මනා ඉවසීමෙන් හා කල්පනාවෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                               ජය අංකය: 08

 

 

මකර ලග්නය

තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කළහැකි දිනයකි. ධාරණ ශක්තියෙන් යුතුව හා ආත්ම විශ්වාසයකින් යුතුව දිනය ආරම්භ කරයි. පුරාණ දේවල් වලට වඩාත් ඇලුම් කරන දිනයකි. වඩාත් ගෞරවනීය ලෙස දිනය ගත කිරීමට අවකාශ ලැබෙන දිනයකි. අන් අයගේ වැඩි ආදරය හා පිළිගැනීමද අපේක්ෂා කල හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                         ජය අංකය: 07

 

 

කුම්භ ලග්නය

ආහාර සම්බන්ධව වඩාත් සැලකිලිමත් විය යුතු දිනයකි. මුදල් කටයුතු සම්බන්ධ කටයුතු වලදී ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. සතුරු පීඩා පිළිබඳව වඩාත් ඉවසිල්ලෙන් හා සෙවිල්ලෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය තත්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමද වැදගත් වන දිනයකි. නොසැලකිලිමත් බැවින් කටයුතු කල හැකි දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය                                      ජය අංකය: 06

 

මීන ලග්නය

සංකීර්ණ විෂයයන් අන් අයට සරල ලෙස ඉගැන්වීමට යොමු වන දිනයකි. වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින දිනයකි. අතපසු වුනු වැඩ කටයුතු නැවත ආරම්භ කිරීමටද සුභ දිනයකි. නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාම ඉතාම යෝග්‍ය දිනයකි. භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. හොඳ ආත්ම විශ්වාසයකින් යුතුව රැකියා හා ව්‍යාපාර කටයුතු කරගෙන යා හැකි සුභ දිනයකි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                      ජය අංකය: 05
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන:   011 50 10 829  


News Articles
Latest Videos
Most Popular Post