News Line| Off Air
Generic placeholder image

Feb
27

තාත්තා අගමැති වුනාට පුතාට ඒක අදාළ නෑ.

7794 Views


තාත්තා අගමැති වුනාට පුතාට ඒක අදාළ නෑ.

ලංකාවේ දේශපාලනඥයින්ගේ පුත්තු තාත්තගේ පවර් අරන් යකා නැටුවට පිටරටවල එහෙම නෑ. තාත්තා රටේ නායකා වුනත් පුතාට එයා තාත්තා විතරමයි.

පහුගිය දවසක කැනඩාවේ අගමැතිතුමා ඉන්දියාවේ සංචාරයක නිරතවුණා. එයා අාවේ එයාගෙ මුළු පවුලමත් එක්ක. එ් කියන්නේ බිරිදයි ළමයි තුන්දෙනත් එක්ක. සංචාරය පුරාම ඔවුන හැසිරුණේ ඉන්දියානුවන් වගේ. ඉන්දියානුවන්ගේ සාම්ප්‍රධායික අැදුම් අැදගෙන, සාම්ප්‍රධායික පිළවෙත් කරමින් තමයි ගත කරේ.

ඔය අතරේ අගමැතිතුමාගේ පුංචි පුතා දිහා හැමෝගෙම අවධානය යොමු වෙලා තිබ්බා. එයා නම් සුපුරුදු දඟකම් එක්ක කාලය ගත කරා. නිකන්ම නෙවෙයි තාත්තත් එක්ක හරි හරියට හුරතල් වෙවි.

කැනඩාවේ අගමැතිතුමා මේ සංචාරයේදී ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිවත් මුණ ගැහුණා. ඉන්දියාවේ අගමැතිතුමා රාජ්‍ය ගෞරව සහිතව කැනඩා අගමැතිතුමා සහ එතුමාගේ පවුල පිලිගත්තා. එ් උත්සවය එහෙම වෙද්දී කැනඩා අගමැතිතුමාගේ චූටි පුතා එයාගේ හිතේ හැටියට දඟ කරා. එයා ඉස්සරහා ඉන්නේ ලෝකයේ බලවත්ම රටක රාජ්‍ය නායකයෙක් කියලවත් එයාට ගාණක් තිබ්බේ නෑ. බිම පෙරළි පෙරළි සෙල්ලම් කරා. වටේ හිටිය කවුරුවත් එයාගේ දඟකම් වලට බාධා කරේ නෑ.

මේ තියෙන්නේ කැනඩාවේ අගමැතිතුමාගේ චූටි පුතා ඉන්දීය අගමැති මෝදි ඉස්සරහා දඟකරපු ඡායාරූප.

කැනඩාවේ අගමැතිතුමත් පුතාට දෙවෙනි යුනේ නෑ. සංචාරය අතරතුරදී ඉන්දීය සංගීතයට නටන්නත් ඔහු අමතක කරේ නෑ. මේ තියෙන්නේ එ් වීඩියෝව.

https://youtu.be/CeMrX9QE1bE


News Articles
Latest Videos
Most Popular Post