සුපිරි ඉන්දීය නිළි ශ්‍රී දේවිගේ මරණය ගැන, මරණ පරීක්ෂණය දවස් 2 ක් තිස්සේ තිබුනා. ඒ ඇයගේ මරණය ගැන සැක උපදවන එක එක විදිහේ ආරංචි ලෝකය පුරා යන අතරතුර. එත් මේ මරණය ගැන නිවැරදිම මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වෙලා තියෙනවා. ඇයගේ මරණයට හේතුව හදිස්සියේම සිහිය නැතිවීමෙන් පස්සේ බාත් ටබ් එකට වැටිලා, දියේ ගිලීමෙන් සිදු වුන මරණයක් බවයි මේ වෙද්දී තහවුරු වෙලා තියෙන්නේ.
මේ මරණ පරීක්ෂණයේ අවසාන තීන්දුවෙන් පස්සේ ඇයගේ දේහය පවුලේ අයට භාරදීලා තියෙනවා. ඉතින් මේ වෙද්දී ඩුබායි ගුවන්තොටුපලෙන් ඉන්දියාව බලා ඇයගේ දේහය ගෙන එන්න සුදානම් කරලා තියෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.