News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

පපුවෙන් සහ බඩින් එකතු වුණු දෙබිඩි සිඟිත්තන් වෙන් කළ අරුම පුදුම සැත්කම.

825 Views


පපුවෙන් සහ බඩින් එකතු වුණු දෙබිඩි සිඟිත්තන් වෙන් කළ අරුම පුදුම සැත්කම.

ස්වභාවධර්මයත් හරි පුදුම දෙයක්. සමහරුන්ට කිසිම අඩුවක් පාඩුවක් නැතුව දේවල් දෙනකොට සමහරුන්ට දෙන්නේ ටිකක් අමාරුවෙන් ලබා ගන්න.

ජිල් සහ මයිකල්ට හිටියේ පිරිමි දරුවන් දෙන්නෙක්. එ් නිසා පුංචි දූ සිඟිත්තක් පවුලට හිටියා නම් හොදයි කියලා ඔවුන් හිතුවා. ස්වභාවධර්මයත් ඔවුන්ට එකවර දියණියන් දෙන්නෙක්ම දුන්නා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබ්බා.

මේ සිඟිත්තියන් දෙන්නම පපුවෙන් එකට බද්ධ වෙලා හිටියේ. හැබැයි වාසනාවට වගේ ඔවුන්ට හදවත් දෙකක් තිබ්බා. වෛද්‍යවරු කිව්වේ ටික කාලයකින් දෙන්නව වෙන් කරන්න පුළුවන් කියලා. ග්‍රෙස් සහ එලිසබත් කියලා තමයි දෙන්නව නම් කරේ.

අවුරුදු 2 ක් මුහුණට මුහුණ බලාගෙන හිටිය ග්‍රෙස් සහ එළිසබත් වෙන් වෙන දවස අාවා. පැය 7 ක සාර්ථක සැත්කමකින් පස්සේ බද්ධ වෙලා තිබ්බ ශරීරයෙන් දෙන්න වෙන් කරා. තවත් පැය කිහිපයකට පසු ඔවුන්ව දෙමව්පියන්ට බලන්න අවස්ථාව දුන්නා. වෛද්‍යවරු කිව්වේ මාස කිහිපයකින් ඔවුන්ව ගෙදර එක්කන් යන්න පුළුවන් කියලා.


News Articles
Latest Videos
Most Popular Post