News Line| Off Air
Generic placeholder image

Latest Posts










Feb
28

දහස් සංඛ්‍යාත රසිකයන් මහ මග හඬමින් පොලිස් බැටන් පහර කද්දී ශ්‍රී දේවි අවසන් ගමන් ගිය හැටි. – Photos

1503 Views


දහස් සංඛ්‍යාත රසිකයන් මහ මග හඬමින් පොලිස් බැටන් පහර කද්දී ශ්‍රී දේවි අවසන් ගමන් ගිය හැටි. – Photos

සුරූපී බොලිවුඩ් නිලි ශ්‍රී දේවි පහුගිය සෙනසුරාදා සවස ඩුබායි හෝටලයකදී හදිසියේම මිය ගියා. දියේ ගිලී මිය ගියත් තවත් අභිරහස් මරණයක ඉඟි ඉතුරු කරමින් ශ්‍රී දේවිගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද මුම්බයේදී සිදුකෙරුණා. රාජ්‍ය අනුග්‍රහය ඇතුව අද සිදු වුනු මේ අවමගුල් උත්සවය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සජීවීව නැරඹුවා. ඒ අතර බොලිවුඩයේ කිරුළු පැළඳි පළමු රැජින වූ ශ්‍රී දේවිගේ දෙන දකින්නට මුම්බායේ විදී දෙපසටත් දස දහස් සංඛ්‍යාත ඉන්දියානුවන් එකතු වුණා. ඔවුන්ව පාලනය කරන්න සමහර පොලිස් නිලධාරින් බැටන් පොලු වලින් ඉන්දීය වැසියන්ට පහර දෙන ආකාරයත් කැමරා කාචයේ සටහන් වුණා.

දශක පහක් පුරා චිත්‍රපට 300 කට වැඩි ගණනකින් රසික සිත් අමන්දානන්දයට පත් කළ බොලිවුඩයේ උපතට පණ දුන් ප්‍රවීණ නිළි රැජිනගේ අවසන් මොහොතට බොලිවුඩයේ සියලුම සුපිරි තරු එක් වීමත් විශේෂයි.

මේ තියෙන්නේ අද ශ්‍රී දේවිගේ අවසන් ගමනේ ඡායාරුප.


News Articles
Latest Videos
Most Popular Post