ශ්‍රී ලංකාව, බංගලාදේශය සහ ඉන්දියාව සහභාගී වන නිදහස් කුසලාන පන්දුවාර විස්ස තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය මාර්තු 6 වෙනිදා ඉඳලා ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
ඒ වෙනුවෙන් බංග්ලාදේශය, ඉන්දියාව කල් ඇතුවම සංචිත නම් කරත් ශ්‍රී ලංකාව ඉක්මන් වුණේ නැහැ. මුලින්ම ක්‍රීඩකයන් 20 දෙනෙකුගේ සංචිතයක් නම් කරලා එතනින් 15 දෙනෙක් තොරාගන්නයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් කරේ. ඒ අනුව මේ තරඟාවලියට සහභාගී වෙන අවසන් 15 දෙනා කවුද කියලා අද හවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරා.
බොහෝ දෙනා බලාපොරොත්තු වුණු විදිහටම සංචිතයේ නායකත්වය දිනේෂ් චන්දිමාල් අතට ලැබෙද්දී උප නායකත්වය සඳහා සුරංග ලක්මාල් නම් කරලා තියෙනවා. අබාධයකට ලක් වුණු කුසල් ජනිත් පෙරේරාත් නැවත කණ්ඩායමට පැමිණ තිබෙනවා. පිතිකරුවන් 6 දෙනෙක් තුන් ඉරියවු ක්‍රීඩකයන් 7 දෙනෙකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් මේ සංචිතයේ ඉන්නවා. මේ ඉන්නේ ශ්‍රී ලංකාවේ සංචිතයයි.
දිනේෂ් චන්දිමාල් – නායක
උපුල් තරංග
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දසුන් ශානක
කුසල් ජනිත් පෙරේරා
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සුරංග ලක්මාල් – උප නායක
ඉසුරු උදාන
අකිල ධනංජය
අමිල අපොන්සු
නුවන් ප්‍රදීප්
දුෂ්මන්ත චමීර
ධනංජය ද සිල්වා