ලෝකයේ රටවල් අතර සටන් සිදුවෙන අලුත්ම ක්‍රමයක් තමයි “සයිබර් ප්‍රහාර”. චීනය සහ රුසියාව සයිබර් ප්‍රහාර වලින් ඉදිරියෙන්ම ඉන්නවා.
ජර්මානු රජයේ පරිඝණක වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. ජර්මානු බුද්ධි අංශ අධීක්ෂණය කරන පාර්ලිමේන්තු කමිටු ප්‍රධානියා කිව්වේ එල්ලවුන සයිබර් ප්‍රහාරය බරපතල එකක් කියලා.
ෆැන්සි බෙයාර් හෙවත් APT28 කියන රුසියානු හැකර්වරුන්ගේ කණ්ඩායම තමයි මේ ප්‍රහාරය එල්ල කරලා තියෙන්නේ. 2016 තිබ්බ අැමරිකානු ජනාධිපතිවරණය අැතුළු බටහිර රටවල් ගණනාවකට එල්ල කල සයිබර් ප්‍රහාර වලට එම කණ්ඩායම වගකියන්න ඕන.
කොහොම වුනත් ජර්මන් රජය මේ ගැන නිල ප්‍රකාශයක් තාම කරලා නෑ. එ් වගේම රුසියානු රජයත් කිසිම අදහසක් මේ ප්‍රහාරය ගැන දක්වලා නෑ.