News Line| Off Air
Generic placeholder image

Mar
3

එක ලග්නයක් මුදල් භාවිතයේදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

889 Views


එක ලග්නයක් මුදල් භාවිතයේදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද මාර්තු මස  03 වනදා
රාහු කාලය  දිවා කාලය සඳහා උදෑසන 09.23 සිට උදෑසන 10.53 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.23 සිට 10.53 දක්වා 
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

ධනය හා ජයග්‍රහණයන් ඉතාම සුභ දිනයකි. සතුරු කරදර දුරුවන දිනයකි. ආමාශගත ඇතිවීමට බැවින් වඩාත් කල්පනාකාරීව ආහාර ගන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න. සෞඛ්‍ය පීඩා තිබේනම් ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                           ජය අංකය: 06

වෘෂභ ලග්නය

ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. තනි තීරණ මත පමණක් කටයුතු කිරීම ඔබට අනවශ්‍ය කරදර ගෙන දෙයි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න. කල්පනාකාරීව හා ආගමානුකුලව  දිනය ගතකිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: රෝස පැහැය                                            ජය අංකය: 03

මිථුන ලග්නය

ගනුදෙනු හා මත ගැටුම් වලින් වඩාත් ප්‍රවේසම්  වියයුතු දිනයකි. සිත පාලනය කරගත යුතු දිනයකි. රැකියා හා අධ්‍යාපන, ව්‍යාපාර කටයුතු වලටද සුභයි. ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: නිල් පැහැය                                             ජය අංකය: 05

 

කටක ලග්නය

මුදල් භාවිතයේදී වඩාත් ප්‍රවේසම් වියයුතු දිනයකි. වියදම් පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්න. පිනට  දහමට වැඩියෙන් යොමුවන යොමුවන දිනයකි. සතුරු කරදර යටපත් වන ඔබව  වඩාත් ශක්තිමත් වන දිනයකි. ආගමානුකුලව හා ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: සුදු පැහැය                                                 ජය අංකය: 06

සිංහ ලග්නය

නිහතමානිව ඔබ කටයුතු කළයුතු දිනයකි. කායික ශක්තිය අතින් ඔබට වඩාත් සුභ දිනයකි. නෑ හිත මිතුරන්ගේ ගරු සැලකිලි ලැබෙන දිනයකි. සිතට සැනසීම ගෙනදෙන දිනයකි. නමුත් ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු  දිනයකි. ආගමානුකුලව දිනය  කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 08

කන්‍යා ලග්නය

එක් කරුණක් හැරෙන්නට අනෙක් සෑම අතින්ම ඔබට වඩාත් සුභ දිනයකි. ඔබේ කීර්ති නාමය පිළිබඳව ඔබ අද පටන් වෙනදට වඩා සැළකිලිමත් වියයුතු දිනයකි. පෙර පින් දහම් ඵලදෙන දිනයකි. නමුත් වැඩිහිටි උපදෙස් අනුව නිහතමානිව වැඩ කටයුතු කිරීමට යොමු විය යුතු දිනයකි. සෑම අතින්ම ඔබේ බලාපොරොත්තු ඉටු වන දිනයක් වන අතර තමන්ගේ අගය අන් අය අතර වැඩි වන ගෞරවය ලැබෙන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රෝස පැහැය                                               ජය අංකය: 03

 

තුලා ලග්නය

සිතෙහි සැනසීමට බාධා ඇතිවන දිනයකි. සතුරු  කරදර ඔබට වාසි ගෙන දෙයි.  නමුත් නොගැළපෙන ක්‍රියා හා නොගැලපෙන පුද්ගලයින් ආශ්‍රය තුල ඔබ බොහෝ කරදරයට පත්විය හැකි දිනයකි. එබැවින් තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. කල්පනාකාරීව හා සිහිබුද්ධියෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                    ජය අංකය: 03

 

වෘශ්චික ලග්නය

 

ආදායම් තත්වය යහපත් වන දිනයකි. සැප පහසුව දිනය ගත කිරීමට අවකාශ ලැබෙන දිනයකි. අන් අය සමඟ කරන කටයුතු වලදී වඩාත් කල්පනාකාරී  වන්න. සිත් තැවුල් ඇති නොවීමට වග බලාගන්න. සෞඛ්‍ය පිළිබඳවද වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ඔබේ කැපවීම හා උත්සාහය මත දිනය සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි.  පරාර්ථකාමිව කටයුතු කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: රතු පැහැය                                              ජය අංකය: 01

 

 

ධනු ලග්නය

නිසැකවම ඔබේ බලාපොරොත්තු ඉටුවන දිනයකි. සිතට මෙන්ම කයටද සැප පහසුවක් දැනෙන දිනයකි. උනන්දුවෙන් කටයුතු කර ලැබෙන අවස්ථාවෙන් උපරිම ඵල ලබාගත හැකි දිනයකි. සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. ඉවසිල්වන්ත වීම හා කල්පනාකාරී වීම ඔබට වඩාත් යහපත් ප්‍රතිඵල දේවි. නිහතමානිකම හා දුර දක්නා නුවණ මත කටයුතු කරන්න.
ජය වර්ණය: සුදු පැහැ                                              ජය අංකය: 04

 

 

මකර ලග්නය

ඔබගේ වටිනාකම අන් අයට වැඩියෙන් දැනෙන දිනයකි. නමුත් ඔබට වැඩි වෙහෙසක් දැනෙන දිනයකි. වියදම් වලදී වඩාත් කල්පනාකාරී වන්න. වඩාත් අවබෝධයෙන් හා ආරක්ෂාකාරීව ගත කළ යුතු දිනයකි. නොකළ වැරදි වලට ඔබ අසු වීමට ඉඩ ඇති දිනයකි. එබැවින් ප්‍රවේසම් වන්න. ආවේගය පාලනය කරගන්න. ඉවසීම ඔබට ශාන්තියක් වනු ඇත.
ජය වර්ණය: ලා දම් පැහැය                                            ජය අංකය: 03

 

 

කුම්භ ලග්නය

ආහාර ගැනීමේදී අද දින වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. මත ගැටුම් වලට නොයන්න. වඩාත් කල්පනාකාරී විය යුතු දිනයකි. සතුට හා ආසතුට අතර ඔබ දෝලනය වන දිනයකි. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය:  ලා නිල් පැහැය                                                ජය අංකය: 02

 

 

මීන ලග්නය

නව සිතුවිලි ඇතිවන සුභ දිනයකි. ඔබේ දැනුමට වටිනාකමක් ලැබෙන, අන් අයගේ ගෞරවය ලැබෙන දිනයකි. නොසිතූ ලෙස ආර්ථික තත්වය වඩාත් යහපත් වන දිනයකි. ඔබේ වටිනාකම් හා දැනුම තුළින් දිනය වඩාත් සාර්ථක කරගැනීමේ හැකියාව පවතියි. විදෙස් සම්බන්ධතා ඇතිවන දිනයකි.දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්.
ජය වර්ණය: විසිතුරු පැහැය                                                   ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44  


News Articles
Latest Videos
Most Popular Post