News Line| Off Air
Generic placeholder image

Mar
3

“මේ පාරත් මාලිංගව කැපුවේ කාගේ කීමටද?” – අසංග ගුරුසිංහ හෙලි කරයි.

1156 Views


“මේ පාරත් මාලිංගව කැපුවේ කාගේ කීමටද?” – අසංග ගුරුසිංහ හෙලි කරයි.

පහුගිය කාලය පුරාවටම ලංකාවේ සුපිරි පන්දු යවන්නා, ලසිත් මාලිංග ජාතික කණ්ඩායමේදී බලා ගන්න ලැබුණේ නෑ. හැබැයි පහුගිය දවසක ඔහුව නැවතත් ජාතික කණඩායමේ පුහුණුවීම් වලට කැදෙව්වා. ලංකාවේ ක්‍රිකට් රසිකයන් හිතුවේ අායෙත් මාලිංගගේ සුපිරි යෝකර් පන්දු බලා ගන්න අවස්තාවක් උදා වෙයි කියලා.

එ් වුනත් ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හමෝගෙම බලාපොරොත්තු බිද දමමින් මාලිංගව නිදහස් කුසලාන සංචිතයෙන් ඉවත් කරලා තිබ්බා. තේරීම් කමිටුවේ කැපිල්ලට දිගටම අහුවෙන මාලිංග ගැන අසංක ගුරුසිංහ කතා කරලා තිබ්බා. ඔහු නම් කියන්නෛ මාලිංගගේ පහුගිය කාලයේ දක්ෂතා නොතිබුණ නිසා ඔහුව කණ්ඩායමට තෝරලා නෑ කියලා.

“මාලිංග අන්තිම දවස් කිහිපයේ T20 තරඟ වල දක්ෂතා පෙන්නුවෙ තමයිග හැබැයි ඔහු පහුගිය මාස 2 බැලුවොත් වැඩිය ක්‍රිකට් සෙල්ලම් කරලා නෑ.” කියලයි කණ්ඩායමේ කළමණාකරු කිව්වේ. මාලිංගට කරඟ නොදී ක්‍රීඩා කරලා නෑ කියන එක නම් ලොකු හාස්‍යක්. එ් වගේම මාලිංග අවසන් කාලයේ ඉතා හොද දස්කම් දක්වද්දී පහුගිය මාසවල දස්කම් දිහා බලලා ඔහුව ඉවත් කීරීම නම් පුදුම සහගතයි.

අසංක තවදුරටක් කිව්වේ මාලිංග ලොකු සිත් තැවුලකින් ඉන්නවා කියලා තමන් දන්නා බවයි. “මාලිංග ලොකු සිත් තැවුලෙන් ඉන්නවා කියලා මම දන්නවා. ඔහු මාත් එක්ක කතා කරා. හැබැයි ලක්මාල්, ප්‍රදීප් කණ්ඩායමට පැමිණීම එක්ක මාලිංගට මේ සංචිතයට එන්න අමාරුයි. අපේ සැලසුම තියෙන්නේ ලෝක කුසලානය ඉලක්ක කරගෙන. එ් නිසා මාලිංග නැවත දක්ෂතා අතරට අාවොත් කණ්ඩායමට එ්වි.” කියලයි ඔහු වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post