රංජන් රාමනායක කියන්නේ ලංකාවේ සූපර් ස්ටාර්. රංගනයෙන්, ගායනයෙන් වගේම නර්තනයෙනුත් රංජන්ට තියෙන්නේ ලොකු හැකියාවක්. කොහොම වුනත් දැන්නම් රංජන් දේශපාලනයට තමයි වැඩි කාලයක් යොදවන්නේ.
පහුගිය දවස්වල අැත්ත කට නිසා රංජන් නඩු කිහිපයකුත් දා ගත්තා. රංජන් සති අන්ත පුවත්පතක විශේෂාගයකට එකතු වෙලා තිබ්බා. තමන් කැමති අකමැති දේවල් තමයි අහලා තිබ්බේ. හොදම දේශපාලනඥයා කවුද කියලා අහපු ප්‍රශ්නයට රංජන් අපූරු පිළිතුරක් දුන්නා.
රංජන් කියන්නේ හොදම දේශපාලනඥයා බුදුන් වහන්සේ කියලා. “උන්වහන්සේ සිද්ධාර්ථ කුමරු වශයෙන් සිටි සමයේ සුද්ධෝදන රජතුමා අල්ලසක් දෙනවා. එ් තමයි රම්‍ය සුරම්‍ය සුභ යන මාලිඟා තුන, ඕනෑ තරම් වස්තුව සහ යුවරජ කම. නමුත් එතුමා එ් සියල්ල අතහැර අභිනිෂ්ක්‍රමණය කරනවා. එහෙම බැලුවම පූර්වාදර්ශීම දේශපාලනඥයා සිද්ධාර්ථ කුමරුයි.” කියලයි රංජන් කිව්වේ.
අද ලංකාවේ දේශපාලනඥයින්ට ඔය සේරම සේවල් දෙනවා කිව්වොත් කීයටවත් කැලේට යන්නේ නෑ කියලා ඔහු කිව්වා. එ් වගේම යේසුස් වහන්සේ ගැනත් රංජන් කිව්වා. “යේසුස් වහන්සේත් කොමියුනිස්ට් වාදියෙක් විදියටයි මම දකින්නේ. එතුමාත් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සිය ජීවිතය කැප කල උත්තමයෙක්.” කියලයි රංජන් කිව්වේ.