News Line| Off Air
Generic placeholder image

Mar
3

“ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැටුණු වලේම වැටෙනවා. වැඩ්ඩො ගෙදර තියලා ඇවිත් ලංකාවට ගහන්නේ හීනෙන් තමයි.” – ඉන්දියානු සුපිරි විචාරකයා කියයි.

4404 Views


“ඉන්දියාව, ඕස්ට්‍රේලියාව වැටුණු වලේම වැටෙනවා. වැඩ්ඩො ගෙදර තියලා ඇවිත් ලංකාවට ගහන්නේ හීනෙන් තමයි.” – ඉන්දියානු සුපිරි විචාරකයා කියයි.

නිදහස් කුසලානයට එන ඉන්දියා කණ්ඩායමේ ප්‍රභලම ක්‍රීඩකයින් විවේක ගන්වලා තියෙනවා. ඉනසියාව කිව්වේ ලංකාවටයි බංගලාදේශයටයි ගහන්න සුපිරි ක්‍රීඩකයෝ ඕන නෑ කියලා. හැබැයි ඉව්දියාවේ ක්‍රිකට් විචාරකයෙක්ම ඉන්දියාවේ මේ තීරණය විවේචනය කරා.

හර්ෂා බෝග්ලේ කියන්නේ ඕස්ට්‍රේලියාව ඉස්සර කරපු මෝඩ වැඩක් දැන් ඉන්දියාව කරලා කියලා. “අැත්තටම ඉන්දියාව ටෙස්ට් තරඟ හරි එක්දින තරඟ නිසා හරි ප්‍රධාන ක්‍රීඩකයෝ ප්‍රධාන තරඟාවලියකට නොයවනවා කියන්නේ මම දකින විදියට නම් එච්චර හොද තීරණයක් නෙවෙයි.” කියලයි ඔහු කිව්වේ.

එ් වගේම ඕස්ට්‍රේලියානු කණ්ඩායමත් මේ වැරැද්ද කරලා වැඩ වරද්ද ගත්ත හැටි බෝග්ලේ මතක් කරලා දුන්නා. “ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ඉන්දියාවේ තරඟාවලියකට තමන්ගේ ප්‍රධාන කණ්ඩායම එවලා වෙනම කණ්ඩායමක් ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරවලා තරඟාවලියක් පරාජය වුණා. එ් අත්දැකීම එක්ක ඕස්ට්‍රේලියාව දැන් හොඳ විස්සයි විස්ස කණ්ඩායමක් හදාගෙන ඉන්නවා.”


News Articles
Latest Videos
Most Popular Post