පහුගිය අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට් වලට එච්චර හොද එක්ක වුනේ නෑ. දිගටම මුහුණ දුන්නේ පරාජයන් විතරයි. හැබැයි අපේ ක්‍රිකට් බේර ගන්න පරණ අලුත් සේරම ක්‍රීඩකයෝ එකතු වුණා. එ්කේ ප්‍රථිඵල දැන් පේන්න පටන් අරන්.
මහේල කියන්නේ ලංකාව බිහිකරපු සුපිරි නායකයෙක්. පහුගිය කාලයේ ලංකාවේ ක්‍රිකට් ගොඩ ගන්න ඔහු ලොකු සේවයක් කරා. හැබැයි තාමත් එ් සේවය ඔහු නවත්තලා නෑ. තව දවස් 3 කින් තියෙන් නිදහස් කුසලානයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පුහුණු කරන්න ඔහු එකතු වෙලා තියෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු එ් බව තහවුරු කරා. “අපි මහේලගෙන් ඉල්ලුවා අපේ පුහුණුවීම් එක්ක එකතු වෙන්න කියලා. ඔහු ගොඩක් කැමැත්තෙන් එ්කට එකඟ වුණා. මහේල කියන්නේ T20 තරඟ කරලා ලබපු අත්දැකීම් වලින් වගේම T20 පුහුණුවීම් වලින් උඩින්ම ඉන්න කෙනෙක්. එ් දේවල් එක්ක මහේලට වඩා හොද කෙනෙක් නෑ අපේ අයට උපදෙස් ගන්න.” කියලයි අසංක ගුරුසිංහ කිව්වේ.