News Line| Off Air
Generic placeholder image

Mar
4

“පේනවනේ සිංහලයෝ කියන්නේ දෙමළ අය මරලා දැන් මුස්ලිම් අයවත් මරන්න හදන ජාතියක්. වද පෙත්ත වගේ ජෝක් එපා. දැන් අම්පාර තියෙන්නේ ජිනීවා වල.” – මිලින්ද රාජපක්ෂ තිත්ත ඇත්ත ගැන කියයි.

1695 Views


“පේනවනේ සිංහලයෝ කියන්නේ දෙමළ අය මරලා දැන් මුස්ලිම් අයවත් මරන්න හදන ජාතියක්. වද පෙත්ත වගේ ජෝක් එපා. දැන් අම්පාර තියෙන්නේ ජිනීවා වල.” – මිලින්ද රාජපක්ෂ තිත්ත ඇත්ත ගැන කියයි.

මිලින්ද රාජපක්ෂ කියන්නේ පහුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී පොහොට්ටුවෙන් කොළඹ පුරපති සටනේ තරඟකරුවා. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වගේම තරුණ දේශපාලකයෙක් විදිහටත් මිලින්දව හඳුන්වන්න පුළුවන්. පහුගිය දවසක අම්පාරේ කලබලයක් ඇතිවුණු වඳ පෙත්ත ගැන ඔහුගේ අදහස Facebook එකට දාලා තිබුණා. ඒ අදහස ඔබටත් දැනගන්න වටිනා එකක් කියලා හිතුනු නිසා සියත 24 අපි මිලින්ද රාජපක්ෂ වඳ පෙත්ත ගැන තැබූ සටහන පහතින් පල කරනවා.

………………………………………………………………
දන්න නොදන්න ගහපු ගුටිකාපු අම්පාරෙ හැමෝටම,

ජිනීවා මානව හිමිකම් සැසිය මේ සතියේ පටන්ගත්තා. ලබන සති කීපය ඇතුලත ලංකාව ගැනත් වග විභාග වෙනවා. ඒත් මම කල්පනාකලා ඇයි තාම කලබලයක් නොවුනේ කියල. ඊළගට කලබලේ වුනගමන් මම හෙව්වා මේ අස්සේ අපිට මගහැරුණ නිව්ස් එක මොකක්ද කියල. අපේ විදේශ ඇමති ඇමරිකාවේ සාම සාධක හමුදාව ලංකාවට ගෙන්වන්න ගිවිසුමක් අත්සන් කරලා. කාට හරි පුලුවන්ද හොයල බලල කියන්න ඔය වදපෙත්ත හදල තියෙන්නේ පුන්නක්කු වලින්ද කියල

1818 එංගලන්තෙ සුද්දෝ කරපු දැවැන්ත සිංහල ජන සංහාරය, ඌව වෙල්ලස්ස සමූල ඝාතනයට අවුරුදු 200ක් පිරෙනවා. ලන්දේසි, පෘතුගීසි විතරක් නෙමෙයි සොලී ආක්‍රමණ සිය ගණනාවකිනුත් පස්සේ, අවුරුදු 30ක් පුරා ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය සමග හප්පුනාට පස්සෙත් මේ රටේ සිංහල මිනිස්සු ලග එක ගති ගුණයක් රැකිලා තිබුනා. ඒ තමා විචාරශීලි බුද්ධියෙන් ඉවසීම. අපි සිංහල බෞද්ධයෝ විදියට කවමදාකවත් මේ රටේ ත්‍රස්තවාදී සංවිධාන හදල නෑ, මුස්ලිම් නිසා බස් එකට කෝච්චියට නගින්න එපා කියල නෑ, දෙමළ නිසා ව්‍යාපාර පටන්ගන්න ගෙවල් හදන්න එපා කියල නෑ, මැලේ හින්ද ඉස්කෝලෙට එන්න එපා කියල නෑ, මුස්ලම් මිනිස්සුන්ට හැම ප්‍රධාන නගරයකම පල්ලි හදන්න ඉඩ දුන්නේ සිංහල මිනිස්සු. මුස්ලිම් මිනිස්සු එයාලගෙම නීතියක් භාවිතාකරනවට බෞද්ධයෝ වචනයක්වත් කීවේ නෑ. දෙමළ කෝවිලේ පෙරහැර පාරට අවම සිංහල මිනිස්සු වාහනේ නවත්තල ඉඩදුන්නා. දෙමළ මිනිහෙක් මේ රටේ විදේශ ඇමති උනහම සිංහල මිනිස්සු කිවා එයාව අගමැති කරන්න කියල. සිංහල බෞද්ධයෝ හොය හොයා කපල කොටල මරල දාපු බ්‍රිතාන්‍ය ජාතිකයන්ට මේ රටේදී ඇගිල්ලකින්වත් හානියක් වෙන්නෙ නෑ. ඒ තමයි අපිට ආඩම්බර වෙන්න පුළුවන් ලංකාව. ඒ තමයි සිංහල බෞද්ධ මිනිස්සු ඉවසීමෙන් රැකපු ‘ශ්‍රී ලාංකිකත්වය’.

මචං ලබන සතියේ ජිනීවා සමුළුව පටන්ගද්දී කොටි හිතවාදීන් උන්ගෙ කතාව ආරම්භ කරන්නේ ‘පේනවා නේද? සිංහලයෝ කියන්නේ දෙමළුන්ව මරපු ජාතියක් විතරක් නෙමෙයි, දැන් මුස්ලිම් මිනිස්සුන්ව මරන්න හොයන්නෙත් උන්’ කියල. ඒකට උන් සල්ලි දීලා පුහුණු කරවල එවපු ව්‍යාපෘතිය අපි අහසටත් උඩින් ගොඩ දාල දීල. මේ ඩයස්පොරික් ප්‍රොජෙක්ට් එක හදන්නේ අපි ම්ලේච්ඡයි කියල ලෝකෙට කියන්න. එහෙම කියල උන්ගේ විසා දික්කරගන්න, සල්ලි එකතුකරගන්න, අන්තිමට මේ රටෙන් කොටසක් ගන්න.

මුස්ලිම් අන්තවාදීන් මේ රට ඇතුලේ අවුලක් හදමින් තියෙනවද? ඔව් නම්, ඒ බව ඔප්පු කරන්න ප්‍රමාණවත් සාක්ෂි තියෙනවනම්, මහ පාරෙ නෙමෙයි, හන්දි ගානෙ නෙමෙයි, ගෝත්‍රිකයෝ වගේ නෙමෙයි, ඒ අන්තවාදීන් එක්ක ඔලුවෙන් හැප්පෙමු. නීතියෙන් හැප්පෙමු. උබල පල්ලි වලට ගහන්න ගහන්න අන්තවාදීන් ඒවා පෙන්නලා ආධාර ගන්නවා. මේ සිද්ධීන් පාවිච්චි කරලා මුස්ලිම් දේශපාලකයෝ චන්ද වැඩි කරගන්නවා. අපි මේ සටනට බහින්න ඕනා ‘වද පෙත්තක්’ වගේ ජෝක් එකක් ඉස්සරහට දාගෙන නෙමෙයි. මේ වගේ විහිළු හින්ද බුද්ධිමත් තලයක හැප්පෙන අපේ ‘ජාතික අරගලයට’ සහ ‘ජාතික දේශපාලනයට’ පණ දෙන වැඩ පිළිවෙලත් විහිලුවට සහ අවධානමට ලක්වෙන්න පුළුවන්.

ඩුබායි යන අපේ ගෑනු ටික නවත්තන්න වැඩ පිළිවෙලක් නැතුව, කොරියාවේ යන කොල්ලෝ ටික නවත්තගන්න වැඩ පිළිවෙලක් නැතුව, ලෝකයේ වැඩියෙන්ම අරක්කු බොන රට කියන ලේබලේ ගලවගන්න වැඩ පිළිවෙලක් නැතුව, ලෝකයේ වැඩියෙන්ම වස විස කනව කියන නමෙන් අයින් වෙන්න වැඩ පිළිවෙලක් නැතුව, හුස්ම ගන්න පිරිසිදු වාතය – බොන්න පිරිසිදු වතුර ටිකක් රැකගන්න විදියක් නැතුව, ‘වද පෙත්තෙන්’ රට ජාතිය රැකගන්න කඩවල් වලට ගල් ගහල තේරුමක් නෑ.

අම්පාර තියෙන්නේ අපි හිතනවට වඩා ජිනීවා වලට කිට්ටු තැනක.

මිලින්ද රාජපක්ෂ
………………………………………………………………………………..

උපුටා ගැනීම මිලින්ද රාජපක්ෂගේ Facebook පිටුවෙන්


News Articles
Latest Videos
Most Popular Post