ජෙනිෆර් ලෝරන්ස් කියන්නේ ලෝකයේ ජනප්‍රියම සිනමා නිළියක්. X-Men, Passengers, The Hunger Games, American Hustle චිත්‍රපටි හරහා අැය ලොකු ජනප්‍රියත්වයක් ලබා ගත්තා.
නිතරම පුවත් මවන ජෙනිෆර් ලෝරන්ස්ට ඔස්කාර් සම්මාන උළලේදී නම් තියෙන්නේ හොද අත්දැකීම් නම් නෙවෙයි. ඔස්කාර් සම්මාන උළෙල දෙකකදීම අැය රතු පලස මත අැදගෙන වැටුණා.
එ් නිසාද දන්නෙ නෑ අැය මේ සැරේ සම්මාන උලෙළේදී නම් රතු පලස උඩින් ගියේ නෑ. ජෙනිෆර් වයින් වීදුරුවකුත් අරගෙන පුටු උඩින් තමයි අැයගේ අාසනයට ගියේ. පුටු උඩින් පැනගෙන ගිය ජෙනිෆර් හොලිවුඩ් සිනමාවේ දැවැන්තයින් සමඟ කතා බහ කරන්නත් අමතක කරේ නෑ.
මේ තියෙන්නේ එ් අවස්ථාවේ ඡායාරූප.