News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
5

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුනුරුත්තාපනය කරන්න එංගලන්තයෙන් වෛද්‍යවරයෙක් ගෙන්නයි.

903 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පුනුරුත්තාපනය කරන්න එංගලන්තයෙන් වෛද්‍යවරයෙක් ගෙන්නයි.

පහුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබෑම් එක්ක නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රතිසංවිධානය කරමින් ඉන්නවා. හතුරුසිංහ ප්‍රධාන පුහුණුකරු විදියට ගත්තේ ඉන් ප්‍රධානම කරුණක් විදියට.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක පුනුරුත්තාපන සහ පුහුණු කළමනාකරු කෙනෙක් පත් කරලා තියෙනවා. එංගලන්තයේ සසෙක්ස් ප්‍රාන්තයේ ප්‍රධාන පෙළේ භෞත. චිකිත්සකවරයෙක් වුන පෝල් කූරි තමයි එක තනතුරට පත් කරලා තියෙන්නේ. අවුරුදු 2 ක කාලයකට ඔහුත් එක්ක ගිවිසුම් අත්සන් කරලා තියෙනවා.

ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේ පිහිටා තියෙන ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයට අනුබද්ධව ඔහු කටයුතු කරන්න නියමිතයි. අාබාධයකට ලක් වෙලා ඉන්න අැන්ජලෝ මැතිව්ස්, ශෙහාන් මධුශංක සහ අසේල ගුණරත්නගේ අබාධ වලට අවධානය යොමු කරමින් තමයි පෝල් රාජකාරි අරබන්න නියමිත. පෝල් ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අාබාධයන්ට ලක්වෙන එක අවම කර ගන්නත් මේ වෙද්දී සැලසුම් හදලා ඉවරයි.


News Articles
Latest Videos
Most Popular Post