News Line| Off Air
Generic placeholder image

Mar
6

අද ලග්න දෙකකට වෙලදාම් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

518 Views


අද ලග්න දෙකකට වෙලදාම් කටයුතු වලට සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

අද මාර්තු මස  06 වනදා 
රාහු කාලය  දිවා කාලය සඳහා සවස 03.21 සිට 04.52 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.21 සිට 04.50 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර

 

මේෂ ලග්නය

ඉවසීම වැදගත් දිනයකි. එඩිතරව හා ක්‍රියාශීලීව කටයුතු කරගෙන යා හැකි දිනයකි. කෞතුක භාණ්ඩ ලැබීමේ හැකියාවද පවතින දිනයකි. කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි. එඩිතරව  ක්‍රියාශීලීව  කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රතු පැහැය                                           ජය අංකය: 07

වෘෂභ ලග්නය

සුක්ෂමව කටයුතු කරන දිනයකි. වෙලාවට ආහාර පාන ලබාගැනීමට  බලාගන්න. ගොවිතැන් වලට හා කාර්මික වැඩ කටයුතු  වලටද ඉතාම සුභ දිනයකි. නිර්භීතව හා උනන්දුවෙන් ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දම් පැහැය                                            ජය අංකය: 06

මිථුන ලග්නය

යහපත් ගති පැවතුම් නිසාම ඔබ අන් අය අතර වැඩි ආකර්ෂණයක් ලබාගන්නා දිනයකි. නිර්මාණ වැඩ කටයුතු වලට හා ලේඛන කටයුතු වලටද සුභ දිනයකි. පිනට දහමට වැඩියෙන් යොමුවන දිනයකි. රැකියාවේ දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. නායකත්ව ගතිලක්ෂණ පෙන්නුම්  දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය                                       ජය අංකය: 05

 

කටක ලග්නය

නිවසේ පවතින වාස්තු දෝෂ පිළියම් කරගැනීමට සුභ දිනයකි. ලාභ ලබාගැනීමට හැකි දිනයක් වන අතර ස්වයං ව්‍යාපාර වලටද සුභ දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න.ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය                                        ජය අංකය: 04

සිංහ ලග්නය

ඔබේ පාලන ශක්තිය මෙන්ම සාධාරණ තීරණ ගැනීමේ ශක්තිය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. පවුල තුළ සාමය ඇතිවන දිනයකි. අවංකව කටයුතු කරන්නට සිතට ගැනීම වඩාත් යහපත්. අන් අය අතර ගෞරවය නොමදව ලැබෙන දිනයකි.
ජය වර්ණය: රන්වන් පැහැය                                                 ජය අංකය: 03

කන්‍යා ලග්නය

ඔබේ හඬ භාවිතයෙන් කරන වැඩ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. වැඩි ලාභ ලබාගත හැකි දිනයකි. නව නිර්මාණ කටයුතු වලටද සුභ දිනයකි. මහන්සියෙන් හා කැපවීමෙන් යුතුව වැඩ කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඔබේ ආර්ථික ශක්තියද වෙනදට වඩා යහපත් වන දිනයකි.
ජය වර්ණය: ලා කොළ පැහැය                                               ජය අංකය: 02

 

තුලා ලග්නය

ඔබ පාඩු ලැබූ ව්‍යාපාර වලින් අද දින වැඩි ලාභයක් අපේක්ෂා කළහැකි දිනයකි. ගමන් බිමන්ද අධික වන දිනයකි. වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. වඩාත් බුද්ධිමත්ව හා අවංකව කටයුතු කළහැකි දිනයකි. තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමටද ඉතාම සුභ දිනයක්.
ජය වර්ණය: දම් පැහැය                                                    ජය අංකය: 01

 

වෘශ්චික ලග්නය

 

මනා ඉවකින්  යුතුව, තර්කයෙන් හා කතාවෙන් ජය ගෙන දිනය සාර්ථකව ගතකළ හැකි දිනයකි. ගෞරවය හා තනතුරු නම්බු නාම ලැබිය හැකි දිනයකි. එඩිතරව හා සාර්ථකව දිනය ආරම්භ ගත කරයි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: රතු පැහැය                                              ජය අංකය: 03

 

 

ධනු ලග්නය

වඩාත් බුද්ධිමත්ව වැඩ කටයුතු ආරම්භ කළහැකි දිනයකි. නමුත් ඔබ ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. ඉඩමක් හා නිවසක් සම්බන්ධව බලාපොරොත්තුවක් තිබුනානම් ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරගැනීමට ඉතාම යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය                                            ජය අංකය: 02

 

 

මකර ලග්නය

අනවශ්‍ය ගමන් බිමන් නොයන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කළහැකි දිනයකි. නමුත් සිත පාලනය කරගැනීම ඔබට වඩාත් වැදගත් වේවි. පුරාණ දේවල් වලට වඩාත් ඇලුම් කරන දිනයකි. ගෞරවනීය ලෙස දිනය ගත කිරීමට අවකාශ ලැබෙයි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: නිල් පැහැය                                            ජය අංකය: 01

 

 

කුම්භ ලග්නය

වෘත්තීය මට්ටමේ ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වඩාත් සුභ දිනයකි. අන් අයගේ දුකට පිහිටවන දිනයකි. සියලු රෝග පීඩා දුරලමින් වඩාත් සාර්ථකව ගත කළහැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. සතුරු පීඩා පිළිබඳව වඩාත් ඉවසිල්ලෙන් හා සෙවිල්ලෙන් කටයුතු කරන්න.
ජය වර්ණය:  ලා නිල් පැහැය                                               ජය අංකය: 09

 

 

මීන ලග්නය

අධ්‍යාත්මීක ශක්තිය වැඩියෙන් උපදවාගත හැකි දිනයකි. සුරතල් සතුන්ගෙන් ප්‍රවේසම් වන්න. ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න. කෝපයෙන් යුතුව තීරණ ගැනීමට නොයන්න. භාවනාවකින් යුතුව දිනය ආරම්භ කරන්න. ධාරණ ශක්තිය ඔබට යහපත් ප්‍රතිඵල ගෙන දෙන මුත් නිසි අවස්ථාවේදී නිසි ලෙස භාවිතයට වැඩ බලාගත යුතුයි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය                                                    ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ 
දුරකථන:  011 50 10 829  


News Articles
Latest Videos
Most Popular Post