ජනතාව කුපිත වන කිසිම දෙයක් සමාජ මාධ්‍ය තුල හෝ වෙබ් අඩවි වල පළ කරන්න එපා කියලා ජනාධිපති ඩිජිටල් මාධ්‍ය අංශය දැනුම් දෙනවා. සාමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව කුපිත කරවන පුද්ගලයින් සොයා රහස් පොලීසිය විදුලි සංදේශන නියාමන කොමිශන් සභාව, අාරක්ෂක අමාත්‍යංශය සහ පරිගණක විශේෂඥයන් එකතු වෙලා මේ වෙද්දිත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.
ඒ නිසා අපි ඔබට කියන්නේ මේ මොහොතේ රටේ ජනතාව කුපිත කරව න කිසිදු තොරතුරක්, ඡායාරූපයක් ඔබේ Facebook ගිණුමේ හෝ වෙබ් අඩවියේ පළකිරීම හෝ share කිරීමෙන් වළකින ලෙසයි. එ් වගේම ළමයින් මේ මොහොතේ සමාජ මාධ්‍යවල හැසිරෙන විදිය ගැන අවධානයෙන් ඉන්න කියලා දෙමාව්පියන් ගෙන් ඉල්ලා සිටිනවා. ජනතාව අතර කැළඹීමක් අැති කරන කිසිම පෝස්ට් එකකට Like කිරීමෙන් Share කිරීමෙන් හෝ Comment කිරීමෙන් වළකින්න.
සමහර වෙබ් අඩවි මේ මොහොතේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. වගකිව යුතු මාධ්‍ය ජාලයක් විදියට අපි හැම වෙලේම නිවැරදි තොරතුරු සපයන්න බැදී සිටිනවා.