News Line| Off Air
Generic placeholder image

Mar
7

“මට Opening එන්න ඕන නෑ. කියන තැනක සෙල්ලම් කරන්න ලෑස්තියි.”- ඊයේ තරඟයෙන් පස්සෙ කුසල් කියූ කතාව. – Exclusive

2813 Views


“මට Opening එන්න ඕන නෑ. කියන තැනක සෙල්ලම් කරන්න ලෑස්තියි.”- ඊයේ තරඟයෙන් පස්සෙ කුසල් කියූ කතාව. – Exclusive

නිදහස් කුසලානයේ පළවෙනි තරඟයේම තියුණු ජයක් ලබා ගන්න සිංහ පැටවුන්ට පුළුවන් වුණා. ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයේ නියමුවා වුණේ කුසල් ජනිත්. පිටිය පුරා හයේ හතරේ පහරවල් වලින් ඉනිම වර්ණවත් කරන්න ඔහුට පුළුවන් වුණා.

තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී කුසල් ජනිත් තමන්ගේ ඉනිම ගැන අදහස් දැක්වූවා. “මම 50 ක් ගහන්න කියලා හිතාගෙන අාවේ නෑ. හොඳ ක්‍රිකට් එකක් Play කරන්න තමයි අාවේ. කොහොම වුනත් මම ගහපු පාරවල් ඔක්කොම වැඩ කරා.”කියලයි.

කුසල් ජනිත් මීට කලින් ක්‍රීඩා කළේ අාරම්භක පිතිකරුවෙක් විදියට. හැබැයි මේ වෙද්දී දනුෂ්ක සහ කුසල් මෙන්ඩිස්ගේ අාරම්භක සබඳතාව ලංකාවට හොඳ අාරම්භයක් ලබා දෙනවා. එ් නිසා කුසල් ජනිත්ට තමන්ගේ ස්ථානය අහිමි වුණා. ඔහු එ් ගැන දැක්වුවේ මේ වගේ අදහසක්. “ක්‍රීඩකයෙක් විදියට මට පුළුවන් වෙන්න ඕන ඕනෑම තැනක ක්‍රීඩා කළා. මම ක්‍රීඩා කරන තැන තීරණය කරන්නේ තේරීම්කමිටුව හරි, නායකයා හරි, පුහුණුකරු හරි. එයාලා කියන ඕනෑම තැනක ක්‍රීඩා කරන්න මට පුළුවන්.” කියලයි කුසල් කිව්වේ.
මේ තියෙන්නේ ඊයේ මාධ්‍ය හමුවේදී කුසල් කියපු සම්පුර්ණ කතාව.

https://youtu.be/6UOrlp6IWTo


News Articles
Latest Videos
Most Popular Post