අද ලග්න තුනකට අධ්‍යාපනයට සුභයි. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.
563 Views
අද මාර්තු මස 07 වනදා
රාහු කාලය දිවා කාලය සඳහා උදහවල් 12.21 සිට දහවල් 01.52 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.21 සිට අලුයම 01.51 දක්වා
සුභ දිශාව: උතුර
මරු සිටින දිශාව: නිරිත
මේෂ ලග්නය

බාධා යටපත් කරගෙන සාර්ථකව දිනය ගත කල හැකියි. කොන්ද හා තුනටිය ආශ්‍රිත රෝග තිබෙනවානම් වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්න. ගමන් බිමන් ඇතිවන දිනයකි.ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
වෘෂභ ලග්නය

කායික හා මානසික ශක්තිය ඉතාම යහපත් පවතින දිනයකි. වෘත්තිමය කටයුතු වල වර්ධනයක් පෙන්නුම් කරන අතර මුල්‍ය පරිපාලනය වැනි කටයුතු වලටද ඉතාම සුභ දිනයකි. සමාජ සේවා කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. තාක්ෂණික මෙවලම් ආශ්‍රිත කටයුතු වලටද යෝග්‍ය දිනයකි. හොදින් ජලය පානය කරන්න.
ජය වර්ණය: රෝස පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලට වඩාත් යහපත් දිනයකි. තීන්දු තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු අතර නිතරම කලප්නාවෙන් වැඩ කටයුතු කල යුතු දිනයකි. වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදිය යුතු දිනයකි. වචන භාවිතයේදී වඩාත් සැළකිලිමත් වන්න.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
කටක ලග්නය

පෙර පින ඉස්මතු වන දිනයකි. ඔබේ වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. වඩාත් කල්පනාකාරීව තීන්දු තීරණ ගැනීමට යොමු විය යුතු දිනයකි. මානසික තත්වයට බාධා ඇතිවන දිනයකි. සතුරු කරදර පිළිබඳවද වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
සිංහ ලග්නය

මානව සම්පත් කළමනාකරණය හා පරිපාලන කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. ගමන් බිමන් වලදී ඉවසිලිවන්තව හා කල්පනාකාරීව වැඩ කටයුතු කරගෙන යා යුතු දිනයකි. හවුල් ව්‍යාපාර ආදී කටයුතු වලටද සුභ දිනයකි. තාක්ෂණික හා කලා කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 07
කන්‍යා ලග්නය

ඔබේ හැකියාවන් වෙනදට වඩා වර්ධනය වන සුභ දිනයකි. හවුල් ව්‍යාපාර සාර්ථක වන දිනයකි. සියුම් කටයුතු වලින් වැඩි ජයග්‍රහණ ලබාගත හැකි දිනයකි. සමාජ ගෞරවයද නොමදව ලැබෙන දිනයකි. නමුත් කල්පනාකාරීව ඉවසීමෙන් යුතුව මෙන්ම සැහැල්ලුවෙන් කටයුතු කිරීම වැදගත්.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
තුලා ලග්නය

මානසික ශක්තිය ඉතාම යහපත් මට්ටමක පවතින දිනයකි. අන් අය සමඟ ඉතාම සහයෝගයෙන් කටයුතු කළහැකි දිනයකි. ප්‍රවේසම් වීම වැදගත්. කෝපය පාලනය කරගත යුතු දිනයකි. නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න.ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 06
වෘශ්චික ලග්නය

අධ්‍යාපන වැඩ කටයුතු වලින් වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. නමුත් මානසික අසහනකාරී තත්වයන් ඇතිවිය හැකි දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. වඩාත් ඉවසිල්ලෙන් හා කල්පනාකාරීව වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 05
ධනු ලග්නය

රැකියා හා ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. වැඩිපුර වැඩ යෙදෙන දිනයක් විය හැකිය. එබැවින් ඉවසීම ඔබ අද දින වැඩියෙන් ප්‍රගුණ කළයුතු දිනයකි. කල්පනාකාරීව වැඩ කරන්න. දිනය සාර්ථක වේවි. නිසි සැලසුම් ක්‍රියාත්මක කළයුතු දිනයකි.
ජය වර්ණය: සුදු පැහැ ජය අංකය: 04
මකර ලග්නය

සහෝදරයින්ගෙන් ඔබට බාධා ඇතිවන දිනයකි.අත්සන් තැබීම් ආදී කටයුතු වලින් ඔබ වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ඔබේ සිත සතුටින් ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න. මිතුරන්ගෙන් වැඩි උදව් උපකාර ලබාගත හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 03
කුම්භ ලග්නය

යුග ජීවිතය තුල තිබු බාධා ඉවත්ව දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. වදටැහැ ඉවසිල්වන්තව හා නිසි සැලසුම් සහිතව ඔබේ වැඩ කටයුතු සකස් කරගත යුතු දිනයකි. කෙසේවුවත් කලපනාකරිව වැඩ කටයුතු කරගෙන යෑමට වග බලාගන්න
ජය වර්ණය: ලා කහ පැහැය ජය අංකය: 03
මීන ලග්නය

ලැබීම් ආදී දේවල් වලින් ඔබට සුභ දිනයක් වුනත් සිත් අමනාපකම් ඇතිවිය හැකි දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු කරන්න. අන් අයට කරන උදව් වලදී වඩාත් ප්‍රවේසම් වන්න. ගන්නා තීන්දු තීරණ පිළිබඳව වඩාත් සැළකිලිමත් විය යුතු දිනයකි. ඉවසීමෙන් හා ආගමානුකුලව දිනය ආරම්භ කිරීම වඩාත් යෝග්‍යයි.
ජය වර්ණය: විසිතුරු පැහැය ජය අංකය: 03
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී කැලුම් ගුණතිලක
දුරකථන: 076 676 53 53