නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලයි අද අාරම්භ වුණා. තරඟාවලිය අාරම්භ කරමින් මුලින්ම සටන් වදින්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි. තරඟය පස්වරු 7 ට අාර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අාරම්භ වුණා. කාසියේ වාසිය දිනා ගත්ත චන්දිමාල් මුලින්ම ලකුණු රැස් කරන්න රෝහිත් ෂර්මාට අාරාධනා කරා.
පළවෙනි පන්දු වාරයේදීම රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියා. දෙවන පන්දු වාරයේදී සුරේෂ් රයිනා එක ලකුණකට දැවී ගියා. ඊය පස්සේ පිටියේ එක්වුණ ධවාන් සහ පාණ්ඩේ ලකුණු 102 ක දැවැන්ත සබධතාවක් ගොඩනැගුවා. පාණ්ඩේ ලකුණු 37 යි. එ් 4 පහර 3 ක් සහ හයේ පහරක් සමඟින්. සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ධවාන් ලකුණු 90 කට දැවී ගියා. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ 6 පහර 6 කින් වර්ණවත් වුණා. පාන්ට් ලකුණු 23 යි.
පන්දු යැවීමේදී චමීර කඩුලු 2 ක් දවා ගත්තා. නුවන් ප්‍රදීප්, ජීවන් මෙන්ඩින් සහ දනුෂ්ක ගුණතිලක එක කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දු වාර 20 අවස්න වෙද්දී ඉන්දියාව ලකුණු 174 ක් ලබා ගත්තා. එ් කඩුලු 5 ක් දැවී. ශ්‍රී ලංකාවට ලකුණු 175 ක ඉලක්කයක් ලැබුණා.
ශ්‍රී ලංකා ඉනිම අාරම්භ කරේ දනුෂ්ක ගුණතිලක සමඟින් කුසල් මෙන්ඩිස්. කුසල් මෙන්ඩිස් ලකුණු 11 ට දැවී ගියා. ඊය පසුව පිටියේ එකතු වුන දනුෂ්ක සහ කුසල් ජනිත් ලකුණු 58 ක වේගවත් සබඳතාවක් ගොඩනැගුවා. 6 පහර 2 ක් සහ එක් 4 පහරක් සමඟින් දනුෂ්ක ලකුණු 19 යි. නායක චන්දිමාල් ලකුණු 14 යි. ශ්‍රී.ලංකාව වේගයෙන් ජයග්‍රහණයට කැදවාගෙන ගිය කුසල් ජනිත් අධිවේගී ලකුණු 66 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ දැවැන්ත 6 පහර 4 කින් වර්ණවත් වුණා.
අවසන් මොහොතේදී නැවතත් තරඟය ඉන්දියාව දෙසට හැරුණා. හැබැයි තිසර පෙරේරා කණ්ඩායම ජයග්‍රහණය දෙසට හරවා ගන්න සමත් වුණා. 6 පහරක් සහ 4 පහර 2 ක් එක්ක තිසර නොදැවී ලකුණු 22 යි. පන්දු 9 ක් ඉතිරි වෙලා තියෙද්දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය ලබා ගත්තා. එ් කඩුලු 5 ක් විතරක් දැවී.
ලංකාවේ පිතිකරුවන් මෙල්ල කරන්න ඉන්දීය පන්දු යවන්නන්ට ලේසි වුණේ නෑ. වොෂින්ටන් සහ චහාල් කඩුලු 2 බැගින් ඈවා ගත්තා. තරඟයේ වීරයා කුසල් ජනිත්. අවුරුදු 2 කට පසුව තමයි ලංකාව T20 තරඟයකදී ඉන්දියාව පරාජය කරේ. එ්ත් එක්කම වාර්තා රැසක් පිහිටුවන්න මේ තරඟයේදී පුළුවන් වුණා.
* අවසන් වරට ශ්‍රී ලංකාව, T20 තරඟයකදී ඉන්දියාව පරාජය කරේ මීට අවුරුදු 2 කට කලින් 2016 පෙබරවාරී වලදී.
* T20 තරඟයකදී ශ්‍රී ලංකාව, ඉන්දියාවට එරෙහිව හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන.
* අාර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී T20 දී හඹාගොස් ජයග්‍රහණය කළ වැඩිම ලකුණු ගණන.
* රෝහිත් ෂර්මාගේ නායකත්වය යටකේ ඉන්දියාව පරාජය වුන පළවෙනි තරඟය.
* ධවාන් ලබා ගත්ත ලකුණු 90 සටහන් වුනේ ඉන්දීය ක්‍රීඩකයෙන් පරාජය වුණ තරඟයකදී ලබා ගත්ත තුන්වන වැඩිම ලකුණු ගණන විදියට.
* T20 තරඟයකදී ඉන්දීය පන්දු යවන්නෙක් එක ඕවරයකදී ලබා දුන්න දෙවෙනි වැඩිම ලකුණු ගණන විදියට ෂාර්දුල් තාකූර්ගේ ඕවරයකදී ලබා දුන් ලකුණු 27 වාර්තා වුණා.
නිදහස් කුසලානයේ පළවෙනි තරඟය ජයග්‍රහණය කරේ ශ්‍රී ලංකාව. එ් අනුව ලකුණු සටහනේ පළවෙනි තැනට එන්න ලංකාවට පුළුවන් වුණා. දෙවෙනි තරඟය හෙට ඉන්දීයාව සහ බංගලාදේශය අතර පැවැත් වෙනවා.