News Line| Off Air
Generic placeholder image

Mar
7

“ෆේස්බුක් තහනම් කරලා නෑ. පරීක්ෂණ අවසන් වන තුරු Slow කරා විතරයි.” – TRC කියයි.

1097 Views


“ෆේස්බුක් තහනම් කරලා නෑ. පරීක්ෂණ අවසන් වන තුරු Slow කරා විතරයි.” – TRC කියයි.

මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දිනක ඇති වූ සිද්ධිය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර සහ ජනතාව කුපිත කරවන තොරතුරු පතුරු වන්නන් සොයා ආරක්ශක අංශ මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ අනූව සමාජ මාධ්‍ය ජාලා තුළ අසත්‍ය ප්‍රචාර සහිත Post පල කරන Profile සහ ෆේස්බුක් පිටු පිළිබදව විශේෂ සුපරීක්ෂනයක් විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව සහ ආරක්ශ අංශ නිලධාරීන් සිදුකරනවා.

එම පරීක්ෂණ කඩිනමින් අවසන් කිරීම සදහා ෆේස්බුක් ඇතුලු සමාජ මාධ්‍ය ජාලා වල තරමක මන්දගාමී බවක් ඇති කර ඇති බවයි විදුලි සංදේශන කොමිසන් සභාවෙන් සියත 24 කළ විමසුමකදී දැන ගැනීමට ලැබුණේ. ඒ නිසා Upload සහ Download වලදී සැළකිලිමත් වන ලෙසත්, සමාජ ජාලා වලට යම් දෙයක් Post කරන්නේ නම් වගකීම් විරහිත දෑ සිදු නිකරන ලෙසත් TRC ය මහජනතාවට දැනුම් දෙනවා.

ඒ අනූව කඩිනමින් මේ විමර්ශන අවසන් කර පසු නැවත වරක් ෆේස්බුක් ඇතුලු සමාජ ජාලා යථා තත්වයට පත්වන බවයි TRC ය වැඩි දුරටත් සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post