අද වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
785 Views
අද මාර්තු මස 08 වනදා
රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.51 සිට 03.21 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.50 සිට 03.20 දක්වා
සුභ දිශාව: උතුර හා ඊසාන
මේෂ ලග්නය

අද දින ප්‍රවේසම් යුතුයි. ගංගා හා මුහුදු ආශ්‍රිතව ගැවසීමේදී වඩාත් ප්‍රවේසම් වන්න. වඩාත් කල්පනාකාරීව කටයුතු කරන්න. අන් අය සමඟ කරන වැඩ කටයුතු වලදී වඩාත් කල්පනාකාරී වන්න. වැඩිහිටි උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් යහපත් වේවි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 08
වෘෂභ ලග්නය

මැහුම් ගෙතුම් වැඩ වලට, සංගීතයට මෙන්ම කලා කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. සුක්ෂම කලා නිර්මාණ වලට ඉතාම සුභ දිනයකි. වඩාත් කල්පනාකාරීව තම වැඩ කටයුතු සියල්ල සම්පාදනය කිරීමට වග බලාගන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: තැඹිලි පැහැය ජය අංකය: 07
මිථුන ලග්නය

ඔබේ ශරීර සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතු දිනයකි. ආගමට දහමට වැඩියෙන් නැඹුරු වන්න. ඉවසීමෙන් මෙන්ම නිහඬව තම වැඩ කටයුතු කිරීමට වග බලාගන්න. අන් අය සමඟ තර්කයට නොයන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 06
කටක ලග්නය

ඔබට අතපසු වුනු වැඩ කටයුතු සියල්ල නැවත ආරම්භ කිරීමට වඩාත් යෝග්‍ය දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද සුභ දිනයකි. කලට වෙලාවට හා වඩාත් සාර්ථකව තම වැඩ කටයුතු කරගැනීමේ හැකියාව පවතින දිනයකි. නිවැරදිව හා පිලිවෙලින් තම වැඩ කටයුතු සැලසුම් කරගන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 05
සිංහ ලග්නය

පවුල තුළ වැඩි සමඟියක් පවතින දිනයකි. අන් අයට ආදර්ශමත්ව දිනය ගත කරයි. නිවසක්, වාහනයක් මිලදී ගැනීමට වඩාත් යෝග්‍ය දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු ආරම්භ කරන්න. මනා පෞරුෂයකින් යුතුව වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. දවස ඔබට ඉතාම සුභයි.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 04
කන්‍යා ලග්නය

අවිවාහක අයට මංගල යෝග ඇතිවන සුභ දිනයකි. කලා කටයුතු වලටද ඉතාම යෝග්‍ය දිනයකි. සිතෙහි බොහෝ කලක් පැවති බලාපොරොත්තු ඉටුවන සුභ දිනයකි. එබැවින් කරනා වැඩ කටයුතු වඩාත් කල්පනාකාරීව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 03
තුලා ලග්නය

අනවශ්‍ය දේ ඉවතලා ප්‍රශ්න හමුවේ සාර්ථකව කටයුතු කරගෙන යා හැකි දිනයකි. මහා පරිමාණ ව්‍යාපාර වලට ඉතාම සුභ දිනයක් වන අතර වෙළඳාමට, ව්‍යාපාර වලටද වඩාත් සුභ දිනයකි. අන් අය මනාවට තේරුම් ගන්න අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: ලා දම් පැහැය ජය අංකය: 02
වෘශ්චික ලග්නය

ඔබේ සෞඛ්‍ය පිළිබඳව වෙනදට වඩා සැළකිලිමත් විය යුතුයි. අන් අයගේ දුකට පිහිට වන දිනයකි. නිසි ව්‍යායාම හා ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. සමාජයේ වැඩි ගෞරවය හා ආදරයද ලැබෙන දිනයකි. තියුණු නුවණින් යුතුව කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 01
ධනු ලග්නය

කෝපයෙන් හා කලබලයකින් වැඩ කටයුතු කළ හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. තීරණ ගැනීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතු දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. නිසි සැලසුම් සහිතව වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්න. දැහැමිව හා මනා ආත්ම විශ්වාසයකින් යුතුව කටයුතු කරන්න. නිතරම සන්සුන්ව වැඩ කටයුතු කරන්න.
ජය වර්ණය: ගුරු පැහැය ජය අංකය: 03
මකර ලග්නය

ඔබේ ධාරණ ශක්තිය අද දින වඩාත් ඉහලය. ඔබට කෙතරම් බාධා ආවත් ඒ සියල්ල පසෙකලා ඉදිරියටම යා හැකි දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. නිසි සැලසුම් මත තීරණ ක්‍රියාත්මක කරන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: නිල් පැහැය ජය අංකය: 02
කුම්භ ලග්නය

තැනට සුදුසු නුවණින් යුතුව වඩාත් සාර්ථකව දිනය ගත කිරීමේ හැකියාව පවතියි. මොළයෙන් කරන සුක්ෂම වැඩ ඔබට වැඩි සාර්ථකත්වයක් ගෙන දෙන දිනයකි. තාක්ෂණික වැඩ කටයුතු වලටද, ඉංජිනේරු අංශයේ වැඩ කටයුතු වලටද වඩාත් යෝග්‍ය දිනයකි. හොදින් සිතා බලා නිවැරදි තීරණ ගැනීමට වග බලාගන්න.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 01
මීන ලග්නය

අන් අයගෙන් වැඩි උදව් ඔබට ලැබෙන දිනයකි. ඔබට පැවරෙන වගකීම් ඉතාම සාර්ථකව හසුරුවාගත හැකි දිනයකි. සතුරු පීඩා ඉවත්ව යන සුභ දිනයකි. වගකීමෙන් යුතුව තම වැඩ කටයුතු කිරීමේ හැකියාව පවතින අතර අන් අයගේ වැඩි ගෞරවයද ලබාගත හැකි දිනයකි. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. දවස වඩාත් සුභ වේවි.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 09
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829