News Line| Off Air
Generic placeholder image

Mar
8

කාන්තා දිනය සමරන්න Google දැමූ චිත්‍ර ඇන්දේ ශ්‍රී ලාංකික තරුණියක්…

1607 Views


කාන්තා දිනය සමරන්න Google දැමූ චිත්‍ර ඇන්දේ ශ්‍රී ලාංකික තරුණියක්…

ලෝකේ තියෙන ජනප්‍රියම Search Engine එක තමයි Google කියන්නේ. මේ වෙද්දී ලෝකේ තියෙන එක එක දවස්වල විශේෂත්වයන් වලට Google මුල් පිටුව වෙනස් වෙනවා. මේකට කියන්නේ “ගූගල් ඩූඩල්” (Google Doodle) නිර්මාණ කියලයි.

ඉතින් අද (08) ලෝකේ පුරා සමරනු ලබන කාන්තා දිනය වෙනුවෙනුත් ගූගල් සමාගම විසින් විශේෂ “ගූගල් ඩූඩල්”නිර්මාණයක් එක්කරල තියෙනවා. ලෝකේ ඉන්න චිත්‍ර ශිල්පිණියන් 12 දෙනෙක්,ඔවුන්ගේ සමාජ වල දකින්න තියෙන සුවිශේෂී කාන්තා චරිත නිරූපණය කරන චිත්‍රකතා 12ක් මේ සඳහා එක්කරගෙන තියෙනවා. මේ නිර්මාණ අද මධ්‍යම රාත්‍රිය වෙනකන ඔබට Google Home Page එකේ දකින්න පුළුවන්.

මේ විදිහට එක කරලා තියෙන “ගූගල් ඩූඩල්” නිර්මාණයේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ චිත්‍ර අතරට ශ්‍රී ලාංකික චිත්‍ර ශිල්පිනියකගේත් චිත්‍ර තියෙනවා.

ඇයගේ නම ඉසුරි දයාරත්න. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන ඇය, ඇමෙරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ Columbus College of Art and Design හි වැඩිදුර අධ්‍යාපනය ලබපු කෙනෙක්. කොළඹ ආයතන ගණනාවකම ප්‍රදර්ශනය කර ඇති ඇගේ කලානිර්මාණ, ඇගේ වෙබ්අඩවිය වන http://artofisuri.com හා ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම වන https://www.instagram.com/isurimh/ මඟිනුත් ඔබට දැකගන්න පුළුවන්.

වසර 2018 කාන්තා දිනයේ “ගූගල් ඩූඩල්” නිර්මාණයට ඇය විසින් එක්කර ඇත්තේ ‘අරුම පුදුම ආර්ති’ (Aarthi the Amazing) ලෙස නම් කර ඇති චිත්‍ර කතාවක් . සිය දරුවන්ගේ දිවි රැකීමට අපමණ වෙහෙසක් දරා ධෛර්යමත්ව ජීවිතයට මුහුණදෙන ධීවර කාන්තාවකගේ කතා පුවතක් ඉසුරි ගේ ‘අරුම පුදුම ආර්ති’ කතාවෙන් පෙන්නනවා.

මේ තියෙන්නේ ඒ කතාව:


News Articles
Latest Videos
Most Popular Post