News Line| Off Air
Generic placeholder image

Mar
9

නැතිවූ ජයග්‍රහණය ඉන්දියාව සොයා ගනී.

1038 Views


නැතිවූ ජයග්‍රහණය ඉන්දියාව සොයා ගනී.

නිදහස් කුසලානයේ දෙවෙනි තරඟය ඊයේ පැවැත්වුනා. ඒ ඉන්දියාව සහ බංගලාදේශය අතර. කාසියේ වාසිය දින ගත්ත ඉන්දියාව මුලින්ම ලකුණු රැස් කරන්න බංගලාදේශයට අවස්තාව දුන්නා. බංගලි ඉනිම ආරම්භ කරපු තමීම්ට සහ සෞම්‍ය සාකර්ට සාර්ථක ආරම්භයක් ලබා ගන්න බැරි වුණා.

තමීම් ලකුණු 15 කටත් සෞම්‍ය සාකර් ලකුණු 14 කටත් දැවී ගියා. බංගලාදේශ ඉනිම ගොඩ ගන්න උත්සාහා කළ ලිටොන් දාස් ලකුණු 34 ක් රැස් කරා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 18 යි. 4 3 පහර ක් සහ හයේ පහරක් සමඟින් සබීර් රහමන් ලකුණු 30 යි. අනිත් කිසිම බංගලාදේශ පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න අවස්තාව ලැබුනේ නෑ.

බංගලාදේශ සුනු විසුණු කල ජයදේව් කඩුලු 3 ක් දවා ගත්තා. විජේ ශංකර් කඩුලු 2 යි. චහල් සහ තාකුර් එක කඩුල්ල බැගින් දවා ගත්තා. පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 8 ක් දැවී බංගලාදේශයට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 139 ක් විතරයි.

ඉන්දියාවට ලකුණු 140 ක පහසු ඉලක්කයක් ලැබුනා. හැබැයි අද තරඟයේත් සාර්ථක වෙන්න නායක ශර්මාට පුළුවන් වුනේ නෑ. ඔහු ලකුණු 17 කට දැවී ගියා. ශිකර් ධවාන් සහ සුරේෂ් 3 වෙනි කඩුල්ලට ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනැගුවා. දෙවෙනි තරඟයේත් ඉන්දියාවේ ජයග්‍රණයේ නියමුවා වුණේ ශිකර් ධවාන්. ඔහු ලකුණු 55 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 5 කින් සහ 6 පහර 2 කින් සමත් වුණා.

සුරේෂ් රයිනා ලකුණු 28 යි. මනීෂ් පාන්ඩේ නොදැවී ලකුණු 27 යි. පන්දුවාර 18 යි පන්දු 4 ක් වෙද්දී ඉන්දියාව ජයග්‍රහණය ලබා ගත්තා. ඒ කඩුලු 4 විතරක් දැවී. රුබෙල් ලාදුලු 2 ක් දවා ගත්තා. මුෂ්ෆිකර් සහ ටස්කින් එක කඩුල්ල බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා විජේ ශංකර්.

නිදහස් කුසලානයේ 3 වන සටන හෙට පැවැත් වෙනවා බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර.


News Articles
Latest Videos
Most Popular Post