News Line| Off Air
Generic placeholder image

Mar
10

“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා”, පිට පිට තුන්වන වරටත් ජනතාවගේ රේඩියෝ නිවේදකයා සම්මානය අරවින්ද සියතට ගනියි.

7312 Views


“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා”, පිට පිට තුන්වන වරටත් ජනතාවගේ රේඩියෝ නිවේදකයා සම්මානය අරවින්ද සියතට ගනියි.

2018 ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙල ඊයේ කොළඹ වෝටර්ස් ඒජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා. එහිදී වර්තමාන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා ලෙස නම් දරා සිටින සියත FM නාලිකාවේ අරවින්ද ලොකුගේ පිට පිට තුන්වන වරටත් වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා. 2016 සහ 2017 වසර වලදීද මෙම සම්මානයේ අයිතිකරුවා වුණේ අරවින්දයි.

වසර 18 ක් හිරු FM නාලිකාවේ Morning show ඉදිරිපත් කළ DJ අරා සහ පැස්බරා පසුගිය වසරේ ඉන් ඉවත්ව සියත FM හා සම්බන්ධ වුණා. ඒ අනුව 2017 පෙබරවාරි 9 වෙනිදා සිට ඔවුන් දෙදෙනා සියත FM Morning Show ඉදිරිපත් කරේ අරවින්ද සහ ආශ්චර්යා යන නම් වලින්.

“සීනි කොහේ තිබුණත් කූඹි වහනවා” යනුවෙන් නිතරම කියූ අරවින්ද සියතේ සිට ඉදිරිපත් කළ පළමු වැඩසටහනෙන්ම යළිත් තමන්ට ආදරේ කළ ශ්‍රාවකයන් සියතට ගත්තා. ඒ බව YouTube වෙබ් අඩවියට මුදා හල ඔහු ඉදිරිපත් කළ වැඩසටහන් වල හඬ පට වලට ලැබෙන අති විශාල ශ්‍රාවක ප්‍රතිචාර වලින් හිතා ගන්න පුළුවන්. ඒ අතර අවස්ථා 6කදී අරවින්ද සහ ආශ්චර්යාගේ වැඩසටහන් වල හඬපට ලංකාවේ YouTube තුළ Trending වෙන්නත් සමත් වූණා.

ඒ වගේම 2016, 2017 දී අරවින්ද ලොකුගේ හිරු නාලිකාවේ සිට ලබා ගත්ත වසරේ රේඩියෝ නිවේදකයාට හිමි ජනතා සම්මානය 2018 දී සියතේ සිට යලිත් සියතට ගැනීම තුලින්ද මෙරට රේඩියෝ ශ්‍රාවකයාගේ හදවතේ ඔහුට කොපමණ අගයක්ම, ඉඩක් ලැබී තිබේද යන්න හිතා ගන්න පුළුවන්.

දිනපතාම 98.2 හෝ 98.4 FM ඔස්සේ Good Morning අරවින්ද with ආශ්චර්යා වැඩසටහනෙන් උදේ 7 සිට අරවින්ද ඔබව අමතනවා. එම සියලු වැඩසටහන් වල හඬ පට සියත FM YouTube channel එක ඔස්සේත් සියත FM Fan page එක ඔස්සේත් යලිත් අහන්න ඔබට පුළුවන්.

ඊයේ අරවින්ද දිනූ ජනතා සම්මානය

 

අරවින්ද දිනූ ජනතා සම්මානය හිමි කරගන්නා අවස්ථාව (සංස්කරණය නොකළ දර්ශන)

 

මේ තියෙන්නේ අරවින්ද සියතට පැමිණ කළ පළමු වැඩසටහන.

https://youtu.be/q6wzeod7D6g?list=PLUEpHrFKJbDlTbHKnTPN8eoHhKqRfFEay


News Articles
Latest Videos
Most Popular Post