News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
10

සනී ලියෝන්ට නිවුන් දරුවන්

929 Views


සනී ලියෝන්ට නිවුන් දරුවන්

සනී ලියොන් කිව්වම බොහෝ දෙනෙක් දන්නේ අසම්මත වැඩිහිටි චිත්‍රපට නිළියක් විදිහට. ඒත් අයව බොලිවුඩයේ අය නම් හඳුන්වන්නේ “බොලිවුඩයේ බාබි ඩොල්” කියල. ඒ වගේම සනී කියන්නේ නිරන්තරයෙන්ම පුවත් මවන්නියක්. ඉතින් මේ කියන්න යන්නේ ඒ විදිහට සනී මවපු අලුත්ම පුවත ගැන.

සනී ලියොන්ට මේ වෙද්දී අරන් හදාගන්න ගත්ත එක දරුවෙක් ඉන්නවා. ඒ වයස අවුරුදු 05ක් වෙන නීෂා වෙබර්. ඉතින් පහුගිය දවසක ඇයගේ රසික රසිකාවියන් පුදුමවෙන තවත් වැඩක් ඇය කරා. ඒ තමයි තවත් නිවුන් දරුවන් දෙන්නෙක් ඇය පවුලට එක කරගෙන තියෙනවා.

මේ වෙද්දී අලුත් බබාලා දෙන්නටම නම් තියල ඉවරයි. එක්කෙනෙක්ගේ නම ඇෂර් සිං වෙබර්. අනිත් බබාගේ නම නෝහා සිං වෙබර්. සනී අරන් හදාගන්න ගත්ත මේ දරුවෝ තුන්දෙනාගෙම එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේ බබාලා තුන්දෙනාම ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ, ඉතා දුප්පත් පවුල්වල උපත ලැබූ දරුවන් වීම.


News Articles
Latest Videos
Most Popular Post