නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පලවෙනි තරඟය ඊයේ පැවැත්වුනා. තියුණු තරඟයකින් පස්සේ වාර්තාගත ජයක් ලබන්න බංගලාදේශයට පුළුවන් වුණා. තරඟයේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ බංගලාදේශයට. ඔවුන් මුලින්ම පන්දුවට පහර දෙන්න ලංකාවට ආරාධනා කරා.
දනුෂ්ක සහ කුසල් මෙන්ඩිස් පළවෙනි කඩුල්ලට ලකුණු 56 ක් සම්බන්දතාවක් ගොඩනැගුවා. දනුෂ්ක ලකුණු 26 යි. ඊට පස්සේ පිටියේ එක්වුණ කුසල් ජනිත් සහ කුසල් පෙරේරා වෙහාවත් ලකුණු 85 ක් සම්බනතාවක් ගොඩනැගුවා. අධිවේගී ඉනිමක් ක්‍රීඩා කල කුසල් මෙන්ඩිස් ලකුණු 57 යි. ඒ 4 පහර 3 ක් සහ 6 පහර 5 ක් සමඟින්.
පලවෙනි තරඟයේ වගේම දෙවෙනි තරන්ගයේත් ශ්‍රී ලංකාවේ ගැලවුම්කාරය වුනේ කුසල් ජනිත්. ඔහු ලකුණු 74 ක් . 4 පහර 8 ක් සහ 6 පහර 2 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුනා. උපුල් තරංග නොදැවී ලකුණු 32 යි. පන්දුවාර 20 අවසන් වෙද්දී කඩුලු 6 කට ලකුණු 214 ක් ලබා ගන්න ලංකාවට පුළුවන් වුනා. මුස්ටෆිසුර් රහමන් කඩුලු 3 ක් දවා ගත්තා. මහමදුල්ලා කඩුලු 2 යි.
බංගලාදේශයට ලැබුනේ ලකුණු 215 ක් දැවැන්ත ඉලක්කයක්. නමුත් තියුණු සටනකින් පස්සේ තරඟය ජය ගන්න ඔවුන්ට පුළුවන් වුනා. තමීම් සහ ලිටොන් වේගවත් ලකුණු 74 ක් ආරම්භක සම්බන්දතාවට ගොඩනැගුවා. 6 පහර 5 ක් සහ 4 පහර 2 ක් සමගින් ලිටොන් දාස් ලකුණු 43 යි. තමීම් ඉක්බාල් ලකුණු 47 යි.
බංගලාදේශ ඉනිම ගොඩගැනීමේ වගකීම කරට ගත්තේ මුෂ්ෆිකර් රහීම්. ඔහු නොදැවී වේගවත් ලකුණු 72 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 5 කින් සහ 6 පහර 4 කින් වර්ණවත් වුනා. තරඟය අවසන් වෙන්න තවත් පන්දු 2 ක් ඉතිරිව තියෙද්දී බංගලාදේශය තරඟය ජය ගත්තා. ඒ සදහා ඔවුන්ට වැය වුනේ කඩුලු 5 ක් විතරයි.
නුවන් ප්‍රදීප් කඩුලු 2 ක් දවා ගත්තා. ලංකාවේ වෙන කිසිම පන්දු යවන්නෙක්ට බංගලි පිතිකරුවන් මෙල්ල කරන්න පුළුවන් වුනේ නෑ. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල මුෂ්ෆිකර් රහීම් තරඟයේ වීරයා සම්මානය දින ගත්තා. T20 තරඟවලදී හඹාගොස් ජයග්‍රණය කල වැඩිම 4 වන ලකුණු ප්‍රමාණය විදියට අද තරඟය වාර්තා අතරට ගියා.
ඊළඟ තරඟය ලබන සඳුදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත් වෙනවා. අවසන් මහා තරඟයට යන්න නම් හෙට තරඟයේ ජයග්‍රහණය ලංකාවට ගොඩාක් වැදගත් වෙනවා.