News Line| Off Air
Generic placeholder image

Mar
11

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා නායකත්වය – Exclusive

7809 Views


සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයාට ශ්‍රී ලංකා නායකත්වය – Exclusive

නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගයේදී පන්දු යැවීම සඳහා වැඩි කාලයක් ගැනීම හේතුවෙන් දිනේෂ් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන්න ICC ය තීරණය කළා. ඒ අනුව නිදහස් කුසලානයේ බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන මීලග තරඟ දෙකේදී ශ්‍රී ලංකාවේ නායකත්වය තිසර පෙරේරා හට හිමිවන බව සියත 24 වෙත ආරංචි වුණා.

මෙම තරඟාවලිය සඳහා නම් කළ සංචිතයේ උප නායකයත්වය හිමිවුණේ සුරංග ලක්මාල්ටයි. නමුත් සුරංගට පළමු තරඟ දෙක සඳහාම අවස්ථාව හිමිවුණේ නැහැ. ඒ වගේම පළමු තරඟ දෙකේදී මෙන්ම පසුගිය බංගලාදේශ සංචාරයේදී තිසර පෙරේරා සැලකිය යුතු ලෙස දස්කම් දැක්වීම නිසා ඔහුට යළිත් වරක් ශ්‍රී ලංකා නායකත්වය හිමිවනවා.

ඒ අනුව එළඹෙන බදාදා සහ සිකුරාදා ඉන්දියාව සහ බංගලාදේශය අතර තරඟ දෙක තිසරගේ නායකත්වයෙන් පැවැත්වෙනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post