පිට පිට තුන්වෙනි වරටත් ජනතා සම්මානය දිනා ගන්න අරවින්ද ලොකුගේ පහුගියදා සමත් වුණා. වසර 19ක් පුරා ලංකාවේ රේඩියෝවට නව ආරක Morning Show කලාවක් හදුන්වා දුන් අරා නොහොත් අරවින්දට මුලු ලංකාවම ආදරේ බව නොරහසක්. ඒ අනූව පසුගිය වසර තුනේම පිට පිට ලංකාවේ ජනතාවගේ රේඩියෝ නිවේදකයා ලෙස සම්මානයට පාත්‍ර වෙන්න අරවින්දට හැකි වුණා.
ජනතා සම්මානය දිනා ගත්ත අරවින්දට අද උදේ සියතේ පිරිවර අපූරු Surprise එකක් දුන්නා.
අද සියතේ Morning Show එක ඉවර වෙලා එළියට ආව අරවින්දව පපරේ ගහලා පිළිගත්තා. ඊට පස්සේ කවුරුත්ම නොදන්න අරවින්දගේ ජිවිත කතාව ඇතුලත් හඬ පටයක් ප්‍රචාරය කළා. ඊට පස්සේ සියත FM පිරිවර අරවින්ද වෙනුවෙන්ම ලියපු ගීතයකුත් ගායනා කළා.
ඊට පස්සේ ලස්සන මල් කළඹක් සහ සිහිවටනයකුත් සියතෙන් අරවින්දට තෑගී ලැබුණා. සම්මානයේ සතුට සමරන්න කේක් කපලා අරවින්ද සියතේ හැමෝටම කේක් කැවුවා.
මේ තියෙන්නේ ඒ අවස්ථාවේ වීඩියෝව.
https://youtu.be/ti5RqF99Vq4