News Line| Off Air
Generic placeholder image

Mar
12

ඇඟපතම පණ නැතිවෙලා කතා කර ගන්න බැරිවෙන අරුම පුදුම ලෙඩක් ගැන ගයාත්‍රි ඩයස් මුල් වරට හෙළි කරයි.

1107 Views


ඇඟපතම පණ නැතිවෙලා කතා කර ගන්න බැරිවෙන අරුම පුදුම ලෙඩක් ගැන ගයාත්‍රි ඩයස් මුල් වරට හෙළි කරයි.

ගයාත්‍රි ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක්. ඒ වගේම ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක්. කැමරාව ඉස්සරහා වැඩ දාන ගයාත්‍රිගේ කවුරුත් නොදන්නා රහසක් ඇය හෙළිකරා.

සාමාන්‍යයෙන් නිළියක්, නිවේදිකාවක් වුනාම සබකෝලය, ලජ්ජා බය නෑනේ. ඕනෑම සභාවක්, පිරිසක් ඉස්සරහා කතා කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ගයාත්‍රිට නම් සභාවක් ඉස්සරහා කතා කරන්න බැරිලු. සභාවක් ඉදිරියට ගියාම ගයාත්‍රිගේ තොලකට වේලිලා, ඇඟ පණ නැති වෙලා කතා කරගන්න බැරි වෙනවලු.

” මම ටික කාලයකට මත්තුගම බෞද්ධ පාසලට ගියා. දවසක් පාසලේ සමිතිය පැවැත් වුණා. එදා මම පුරුදු විදියට අන්තිම පේළියේ කෙළවරේ වාදී වෙලා හිටියා. එකා පාරටම සමිතිය මෙහෙයවන කෙනා කියනවා ගයාත්‍රි ඩයස් ඇවිත් කතාවක් හෝ ගීතයක් කියන්න කියලා. මට කලන්තෙ වගේ හදුනා. ඇඟම ගල් වෙලා ගියා. ඉස්සරහට යද්දී මට කතා කර ගන්නත් බෑ. අමාරුවෙන් වචන හසුරුවලා මම කතාවකටවත් සින්දුවකටවත් සූදානම් නෑ කියලා එතනින් ආවා.” තමන් මුහුණ දුන්න අත්දැකීමක් ගයාත්‍රි කිව්වේ එහෙමයි.

නිළියක් වුනාට පස්සෙත් ගයාත්‍රිගේ මේ අමුතු ලෙඩේ හොඳ වෙලා නෑ. නිළියක් වුනාට පස්සේ මොන්ටිසෝරියක උත්සවයකදී වෙච්ච දේ ඇය කිව්වේ මෙහෙමයි. “මට මොන්ටිසෝරියක උත්සවයක ප්‍රධාන ආරාධිත අමුත්තිය විදියට සහභාගී වෙන්න අවස්තාවක් ලැබුණා. ඔන්න දැන් පොල්තෙල් පහන පත්තු කරලා උත්සවය පටන් ගත්තා. ඔය අතරේ එක පාරටම නිවේදකයා කියනවා ගයාත්‍රි ඩයස් මහත්මියට සභාව අමතන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. මට උන්හිටි තැන් අමතක වුනා. නැගිටලා ඉස්සරහට යන්නත් බෑ. බොහොම අමාරුවෙන් ගිහින් වචන ටිකක් ගැටගහලා ආවා”


News Articles
Latest Videos
Most Popular Post