News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
13

වාර්තා පිට වාර්තා තබන රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීම උත්කර්ෂවත් ලෙසින්. සම්මාන 5 කට සියත TV නිර්දේශ වෙයි.

1236 Views


වාර්තා පිට වාර්තා තබන රයිගම් ටෙලි සම්මාන උළෙලේ නිර්දේශිත නාම එළිදැක්වීම උත්කර්ෂවත් ලෙසින්. සම්මාන 5 කට සියත TV නිර්දේශ වෙයි.

කින්ඩම් ඔෆ් රයිගම් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන රයිගම් ටෙලි සම්මාන උළෙල ලබන 24 වෙනිදා නෙළුම් පොකුණ රඟහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙනවා. එදිනට සම්මාන ප්‍රධානය සඳහා නිර්දේෂ වූවන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වුණා. ඒ හෙළයේ මහා නළු නිලි යුවලක් වන රවින්ද්‍ර රන්දෙණිය සහ මාලනී ෆොන්සේකා මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

ඔස්කාර් වැනි ජාත්‍යන්තර සුපිරි සම්මාන උළෙල වලදී පමණක් මෙවැනි නිර්දේශිත නාම රාත්‍රීන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ නිර්දේශිත නාම රාත්‍රියක් ඇති එකම සම්මාන උළෙලෙද රයිගම් ටෙලි සම්මාන උළෙලයි. මාර්තු නොහොත් මැදින් මාසයේ පැවැත්වෙන නිසාත් මධ්‍යස්ත තීරණ ලැබෙනා විනිෂ්‍යයන් සහිත නිසාත් මෙවර රයිගම් සම්මාන උළෙල “මැදින්” ලෙස නම් කර තිබෙනවා.

ඒ වගේම මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ අලුත්ම තොරතුරු සහ ජනප්‍රිය අංශයේ සම්මාන සඳහා මනාප පල කළ හැකි මොබයිල් App එකකුත් මේ නිර්දේශිත නාම රාත්‍රියේදී එළිදැක්වුනා. ලංකාවේ සම්මාන ලාභින් සඳහා පිරිනමන වැඩිම මුදල් ත්‍යාගය, සම්මාන ලාභීන්ට වසරක රක්ෂනාවරනයක් පිරිනමන මෙවර සම්මාන උළෙලේ විශේෂම තවත් කාරණාවක් තමයි සම්මාන ප්‍රධානය වසරේ පළමු කාර්තුවේම පැවැත්වීම.

මෙවර රයිගම් සම්මාන උළෙලේ රූපවාහිනී මාධ්‍ය කුසලතා සඳහා වෙන්වූ සම්මාන 5 ක් සඳහා සියත TV නිර්දේශ වෙලා තියෙනවා. සියත TV තුලින් විකාශය වන චිත්‍ර කාමරය වැඩසටහන හොඳම ළමා වැඩසටහන සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඒ වගේම සිඟිති කුමරිය කාටූන් වැඩසටහන වසරේ රුපවාහිනි හඬකැවීම සඳහා නිර්දේශ වුණා.

සියත TV ඔස්සේ විකාශය වූ “ලොකාන්තරයෝ” ටෙලි නාට්‍ය සම්මාන 3 ක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. ඒ හොඳම අංග රචනය, හොඳම කැමරා අධ්‍යක්ෂණය සහ හොඳම සංස්කරණය සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post