නිදහස් කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි තරඟය ඊයේ පැවැත් වුණා. වර්ෂාවෙන් බාධා ඇති වුන නිසා තරඟය පන්දුවාර 19 කට සීමා වුණා. ඒ වුනත් පහසු තරඟයකින් පස්සේ ජයග්‍රහණය කරන්න ඉන්දියාවට පුළුවන් වුණා. ප්‍රේමදාස පිටියේ තීරණාත්මක කාසියේ වාසිය ලැබුණේ ඉන්දියාවට. නායක රෝහිත් ශර්මා මුලින්ම ලකුණු රැස් කරන්න ලංකාවට ආරාධනා කරා.
නායක චන්දිමාල්ට තරඟ තහනමක් පැනවුන නිසා කණ්ඩායමේ වගකීම බාර වුනේ තිසරට. චාන්දිමාල් වෙනුවට උප නායක සුරංග ලක්මාලවා කණ්ඩායමට කැදෙව්වා. දනුෂ්ක සහ කුසල් මෙන්ඩිස් වේගවත් ආරම්භයක් ලබා ගත්තා. දනුෂ්ක ලකුණු 17 යි. කුසල් ජනිත්ට මේ තරඟයේ සාර්ථක වෙන්න අවස්තාව ලැබුනේ නෑ. ඔහු ලකුණු 3 කට දැවී ගියා.
තරංග ලකුණු 22 යි. නායක තිසර ලකුණු 15 යි. ඊයේ තරඟයේදී කණඩායමේ බර කරට ගත්තේ කුසල් මෙන්ඩිස්. ඔහු ලලුනු 55 ක් රස කරා. 4 පහර 3 ක් සහ දැවැන්ත 6 පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. අනෙක් කිසිම ශ්‍රී ලංකාවේ පිතිකරුවෙක්ට සාර්ථක වෙන්න ඉන්දීය පන්දු යවන්නන් අවසර දුන්නේ නෑ. ලංකාවේ ඉනිම විනාශ කල තාකුර් කඩුලු 4 ක් දවා ගත්තා. වොෂිංටන් කඩුලු 2 යි.
පන්දුවාර 19 අවසන් වෙද්දී ලංකාවට ලබා ගන්න පුළුවන් වුනේ ලකුණු 152 ක් විතරයි. ඒ කඩුලු 9 ක් දැවී තිබියදී. ඉන්දියාවට ලකුණු 153 ක පහසු ඉලක්කයක් ලැබුනා. හැබැයි ඉන්දියාවේ ආරම්භක පිතිකරුවන් යුවලට සාර්ථක වෙන්න අකිල ධනංජය ඉඩ දුන්නේ නෑ,. ලකුණු 22 ක් වෙද්දී ඔවුන් දෙදෙනාම දවා ගන්න අකිල සමත්වුනා.
සුරේෂ් රයිනා ලකුණු 27 යි. පාන්ඩේ සහ කාර්තික්ගේ සුපිරි සම්බන්දතාවය ඉන්දියාවට ජය ගෙනාවා. පාන්ඩේ නොදැවී ලකුණු 42 යි. කාර්තික් නොදැවී ලකුණු 39 යි. තවත් පන්දු 9 ක් ඉතිරි වෙලා තියෙද්දී ඉන්දියාව ජය කණුව පහු කරා. ඒ සඳහා ඔවුන්ට වැය වුණේ කඩුලු 4 ක් විතරයි. තරඟයේ වීරයා ශාදුල් තාකූර්.
මේ පරාජයත් එක්ක ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට වැටුණා. අවසන් මහා තරඟයට යන්න ශ්‍රී ලංකාව දැන් ඉන්නේ අවදානම් තැනක. 16 වෙනිදා තියෙන බංගලාදේශය සමඟ තරඟය ලංකාවට තීරණාත්මක එක්ක වෙනවා.