News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
14

2014 ක්‍රිකට් ලෝක කුසලානයට ලංකාව පුහුණු කළ පෝල් ෆ්‍රාබේස්, බංගලාදේශයේ පුහුණුකරු වෙන්න බෑ කියයි.

1285 Views


2014 ක්‍රිකට් ලෝක කුසලානයට ලංකාව පුහුණු කළ පෝල් ෆ්‍රාබේස්, බංගලාදේශයේ පුහුණුකරු වෙන්න බෑ කියයි.

චන්දික හතුරුසිංහ බංගලාදේශයෙන් ඉවත්ව ලංකාවට ආවට පස්සේ තාමත් බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවෙක් නෑ. මේ අතරේ එංගලන්ත කණ්ඩායමේ සහය පුහුණුකරු විදියට කටයුතු කරන පෝල් ෆ්‍රාබේස්ට බංගලාදේශ පුහුණුකරු වෙන්න ආරාධනා කරලා තිබ්බා. හැබැයි ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා.

පෝල් ෆ්‍රාබේස් මීට කලින් ලංකාවේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරා. 2014 ශ්‍රී ලංකාව T20 ලෝක කුසලානය දිනා ගත්තේ ඔහුගේ පුහුණුකාරීත්වය යටතේදියි.

කොහොම වුනත් බංගලාදේශය ඔහුව ප්‍රධාන පුහුණුකරු විදියට ගන්න වැඩේ තාම අත්හැරලා නෑ. පේන් විදියට නම් බංගලාදේශයට ලංකාවේ නම ගෑවුන කෙනෙක්වත් නැතුව ක්‍රිකට් ගහන්න බෑ වගේ.


News Articles
Latest Videos
Most Popular Post