News Line| Off Air
Generic placeholder image

Mar
14

අද රෑ 12 ඉඳන් Whatsapp තහනමත් අවසන්.

572 Views


අද රෑ 12 ඉඳන් Whatsapp තහනමත් අවසන්.

පහුගිය 7 වෙනිදා පැනවුවා සමාජ මාධ්‍ය තහනම නිසා Facebook, Whatsapp ඇතුළු සමාජ මාධ්‍ය කිහිපයක්ම තාවකාලිකව තහනම් කරා. Whatsapp සහ Viber පහසුකම් නැති නිසා විදේශ රටවල සිටින නෑදෑයන්ට සහ යහළුවන්ට කතා කරන්න බැරුව ගොඩක් අය අපහසු තාවයට පත් වුනා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉඳන් Viber පහසුකම නැවතත් ලබා දෙන්න රජය තීරණය කරා. ඒ වගේම අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් Whatsapp පහසුකමත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා ජනාධිපති ලේකම්වරයා සියත FM ප්‍රවෘත්ති අංශයට සඳහන් කරා.

කොහොම වුනත් තාමත් Facebook නම් ලබා දීලා නෑ. Facebook ආයතනයේ නියෝජිතයින් පිරිසක් අද ලංකාවට එන්න නියමිතයි. රජත සමඟ තියෙන සාකච්ඡා වලින් පස්සේ ලබන සිකුරාදාට Facebook තහනමත් ඉවත් කරනවා කියලයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post