ලෝක ඉතිහාසයේ අදුරුතම සිදුවීම් 2 ක් තියෙනවා. ඒ පළවෙනි සහ දෙවෙනි ලෝක යුද්ධ දෙක. තාමත් ගොඩක් මිනිස්සු මේ ලෝක යුද්ධවල බලපෑම නිසා දුක් විඳිනවා. දෙවෙනි ලෝක යුද්ධයෙන් ඉතිරි වුණ බෝම්බයක් නිසා ඉතාලියම ආයෙත් හෙල්ලුන සිදුවීමක් වාර්තා කළා.
ඒ දෙවෙනි ලෝක යුද්ධයේදී පුපුරා නොගිය බෝම්බයක් ඉතාලියේ වැඩබිමකින් හමුවීමත් එක්ක. මේ නිසා ඒ ප්‍රදේශය අවට ඉන්න 23,00 ක් පමණ පිරිසක් ඉක්මනටම ඉවත් කරා. අත්වැරදීමකින් සක්‍රීය වෙලා තිබ්බ මේ බෝම්බය තිබ්බ කියලයි ෆැනෝ නගරයේ බලධාරීන් කිව්වේ.
වෙරළ ආසන්නයේ කණුවක තිබිලා හොයා ගත්ත මේ බෝම්බය ඉවත් කරන්න හමුදාව සහ නාවික හමුදාවේ විශේෂ බට කණ්ඩායම් කන්දවාල තිබ්බා. මේ බෝම්බය මීටර් 1.1 දිගින් සහ කිලෝග්‍රෑම් 225 ක් බරින් යුක්තයි.
අනතුරුදායක තත්වය නිසා නගරයේ ජනගහනයෙන් හතරෙන් තුනක් විතර ඉවත් කරා. ඒ වගේම සියලුම පාසල් වහන්නත් ෆැනෝ නගරයේ බලධාරීන් ක්‍රියා කරා. දුම්රිය සේවා, ගුවන් ගමන් සහ නාවික කටයුතු මුළුමනින්ම නවතා දැමුවා. කොහොම හරි පසුදා උදේ වෙද්දී බෝම්බය ඉවත් කරන්න හමුදා වලට පුළුවන් වුනා.