News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
15

මවක් රතු මුහුදේදී දරුවෙක් බිහිකරයි. – Photo

849 Views


මවක් රතු මුහුදේදී දරුවෙක් බිහිකරයි. – Photo

දරුවෙක් කියන්නේ දෙමව්පියන්ට මිල කරන්න බැරි සම්පතක්. දරුවෙක් ලැබෙන්න ඉන්නකොට අම්ම කොච්චර පරිස්සම් වෙනවද. තාත්තා අම්ම ගැන කොච්චර හොයලා බලනවද. බබාට පහසු නිරෝගී උපතක් ලබා දෙන්න තමයි ඒ දෙන්නම බලන්නේ. හැබැයි තමන්ගේ අලුත් උපදින බබාට අමුතු විදියේ උපතක් ලබා දුන්න යුවළක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

රුසියානු යුවළක් තමන්ගේ අලුත උපදින බබාට උපත් දෙන්න තෝරාගෙන තියෙන්නේ අරාබියේ රතු මුහුද. පුදුම වෙන්න දෙයක් නෑ. දරුවා බිහි කරන්න ඔවුන් වෛද්‍යවරයෙක්ගේ සහයත් ලබා ගෙන තිබ්බා. කොහෝ වුනත් දැරිව නිරෝගිව සිටින බවයි වාර්තා වෙන්නේ.

මේ විශේෂ අවස්තාව ඒ අසල නිවාස සංකීර්ණයක හිටිය කාන්තාවක් ඡායාරූපයට නගලා තිබ්බා. මේ තියෙන්නේ අ ඡායාරුප. හැබැයි අපේ අම්මල නම් මේවා ආදර්ශයට ගන්නවා එහෙම නෙවෙයි.

 


News Articles
Latest Videos
Most Popular Post