66 වන රන් සටනට සමගාමීව පානදුර සුමංගලයන් පවත්වන රථ වාහන පෙළපාලිය ROAR PARADE 2K18 ඊයේ අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වුනා. Roar parade 2k18 සමග ආදි සුමංගල සිසුන් දහස් ගණනක් වගේම දැනට සුමංගලේ ඉගෙනුම ලබන සිසුන් විශාල පිරිසක් එක්ව වුනා.
පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ වූ PARADE එක පානදුර, මොරටුව ප්‍රදේශ වල ගමන් කරමින් සිය අනසක පැතිරුවා. අති නවීන මෝටර් රථ, දැවැන්ත ට්‍රක් සහ මෝටර් සයිකල් ROAR PARADE 2K18 වර්ණවත් කරන්න එකතු වෙලා තිබුණා. ඒ වගේම ගුවන සහ දියඹ ආක්‍රමණය කරන්නත් ROAR PARADE 2K18 සමත් වුනා.
පානදුර අලුත්පාර පාලම අසලදී බෝට්ටු වලින්ද ROAR PARADE එකට ආදී සිසුන් සහය දක්වනවා දකින්න ලැබුණා.ඒ වගේම හෙලිකොප්ටර් කිහිපයක්ම සුමංගල විද්‍යාලයේ ධජ සහිතවා ගුවන පුරා සැරිසරමින් ROAR PARADE වෙත සහාය දැක්වුවා. සංවිධායක මණ්ඩලය සඳහන් කරේ දහසකට අධික වාහන සංඛ්‍යාවක් Roar parade 2k18 සමග සම්බන්ධ වුණා කියලා.
පානදුර සහ මොරටුව නගර හෙල්ලුව ROAR PARADE 2K18 සඳහා නිල Digital මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ Siyatha 24. ROAR PARADE 2K18 සියත FM Youtube Channel එක හරහා සජීවීව විකාශය කරා.
https://youtu.be/bqe3gB98hdE