පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ කාන්තා රග්බි කණ්ඩායමක් ඔඋහුණු කරන්න සහය දෙන්න කැමති වෙලා තියෙනවා. ඉන්දියාවේ කාශ්මීර් කාන්තා රග්බි කණ්ඩායම පුහුණුවීම් වලට සහය දෙන්න තමයි ඔහු කැමති වෙලා තියෙන්නේ.
ලංකාවේ ඉන්න දක්ෂ රග්බි පුහුණුකරුවෙක් වෙන රොනී ඉබ්‍රාහිම් එක්කත් නාමල් මන්ත්‍රීවරයා මේ ගැන කතා කරලා තියෙනවා. නාමල් මන්ත්‍රීවරයා සහ පුහුණුකරුවන් එළඹෙන මැයි මාසයේදී කාශ්මීරයේ සංචාරයක නිරත වෙන්නත් නියමිතයි.
නාමල් මන්ත්‍රීවරයාගේ මේ උදව්ව ගැන ජම්බු හා කාශ්මීර ප්‍රධාන අමාත්‍ය මෙහෙබුබා මුෆිස් කිව්වේ මේ වගේ දෙයක්. “නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අපේ ස්තුතිය පුදකරනවා අපේ තරුණ කණ්ඩායමට උපකාර කරන්න ඉදිරිපත් වුනාට. ශ්‍රී ලංකාවේ බොහෝ සාර්ථක කතාවන් තිබෙන බවට අපිට විශ්වාසයි. ඔබේ රටේ අත්දැකීම් සහ මැදිහත්වීම් ගැන දැන ගන්න ඔඉ ගොඩක් සතුටින් ඉන්නවා.”