News Line| Off Air
Generic placeholder image

Mar
16

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර නිළ නොලත් අවසන් තරඟය අද. විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

1619 Views


ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර නිළ නොලත් අවසන් තරඟය අද. විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

නිදහස කුසලානයේ තීරණාත්මකම තරඟය අද පැවැත්වෙනවා. එ් ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර. අවසන් මහා තරඟයේදී ඉන්දියාව එක්ක සටන් වදින කණ්ඩායම තීරණය වෙන්නේ මේ තරඟයෙන්. එ් නිසා දෙපිළම අවසන් මහා තරඟයට මෙන් ලොකු ශක්තියක් මේ තරඟය දිනන්න යොමු කරනවා.

බංගලාදේශය දැනටමත් ෂකීබ් අල් හසන් කණ්ඩායමට කැඳවලා තියෙන්නේ. එ් නිසා අද තරඟය ලංකාවට තවත් අභියෝගයක් වේවි. එ් වගේම ප්‍රේමදාස පිටියේ අන්තිමට බංගලාදේශය එක්ක තිබ්බ T20 තරඟ දෙකම ලංකාව පරාජය වෙලා තියෙනවා. එ් නිසා අද තරඟයට ලංකාව තවත් අවධානය යොමු කරන්න ඕන.

පළවෙනි රඟ කිහිපයේම කාසිය වාසිය දිනා ගත්ත කණ්ඩායම තමයි ජයග්‍රහණය කරේ. හැබැයි අන්තිමට තිබ්බ ඉන්දියාව සහ බංගලාදේශ තරඟයේදී එ් තීරණය වෙනස් ව්‍රණා. එ් වුනත් ප්‍රේමදාස පිටිය අවට වැහිබර කාලගුණයක් තමයි දකින්න ලැබෙන්නේ. එ් නිසා කාසියේ වාසිය අද තරඟයේදී තීරණාත්මක එකක් වෙනවා.

පළමුවෙන්ම පන්දුවට පහර දුන්නොත් ලකුණු 170 ක් වත් අවම වශයෙන් ලබා ගන්න ඕන. එ් වගේම ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ අගයක තියා ගැනීමත් වැදගත්. අපි බලමු නිදහස් කුසලානයේ අවසන් තරඟයට යන්න ලංකාවට පුළුවන් වෙයිද කියලා.


News Articles
Latest Videos
Most Popular Post