News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
16

ලාංකීය ක්‍රීඩා ලෝලීන් නයා පෙන්නද්දී පොඩි සනා පිටිය හොල්ලයි.

1295 Views


ලාංකීය ක්‍රීඩා ලෝලීන් නයා පෙන්නද්දී පොඩි සනා පිටිය හොල්ලයි.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර තීරණාත්මක තරගයේ පළමු කොටස දැන් අවසන් වුණා. ඒ අනූව බංගලාදේශයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7දැවී ලකුණු 159රැස් කරගත්තා.

 

අද ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසෙන්නේ වෙනස්කම් දෙකක් සමගයි. සුරංග ලක්මාල් සහ දුශ්මන්ත චමීර වෙනුවට අද වේග පන්දුයවන ඉසුරු උදාන සහ දග පන්දු යවන අමිල අපොන්සු කැදවා තිබුණා. ඒ වගේම තරගය අරම්භයට පෙර ආරංචි වුණා සේම ශකිබ් අල් හසන් අද තරගයට නායකත්වය දීමත් විශේෂත්වයක්.

 

ශකිබ් කාසියේ වාසිය දිනා තීරණය කළේ තරගයේ මුලින්ම පන්දු රැකීම සුදුසුයි කියායි. ඒ අනූව මන්දගාමී තණතිල්ලේ මුලින්ම පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇරයුම් කරන්න ශකිබ් තීරණය කළා.

 

එම තීරණය නිවැරදි එකක් කරගන්නට බංගලාදේශයට පළමු පන්දුවාරයේ සිටම හැකි වුණා.

එහි ප්‍රතිඵලය වුණේ පළමු පන්දුවාර 7 තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නම් දැරූ පිතිකරුවන් 5 දෙනාම ක්‍රීඩාගාරයේ අසුන් ගැනීමයි.

ඉන් අනතුරුව අඩපණවී තිබූ ශ්‍රී ලංකා ලකුණු පුවරුව සැලසුම් සහගතව ඉහළ දමන්නට නායක තිසර පෙරේරා සහ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සමත් වුණා.

අද සිය 10 වන පන්දුවාර විස්ස අර්ධ ශතකය වාර්තා කළ කුසල් ජනිත් ලකුණු 61යි. නායක තිසර පෙරේරා අද සිය පළමු පන්දුවාර විස්ස අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 57ක් රැස් කරා.

ඒ අනූව ජයග්‍රහණය සදහා බංගලාදේශයට දැන් ලැබී තිබෙන ඉලක්කය පන්දුවාර 20 තුළ ලකුණු160

-සජීව ද සිල්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ සිට-

 

 

 

 

 


News Articles
Latest Videos
Most Popular Post