News Line| Off Air
Generic placeholder image

Latest Posts










Mar
17

විනිසුරුවරුන්ගෙන් ගේම ඉල්ලූ බංගලි නායකයාට සහ තිසරට ඇඟිල්ල දික් කළ අතිරේක ක්‍රීඩකයාට ICC ය ඉතිහාසයේ පළමු වරට ලබා දුන් දඬුවම මෙන්න.

12373 Views


විනිසුරුවරුන්ගෙන් ගේම ඉල්ලූ බංගලි නායකයාට සහ තිසරට ඇඟිල්ල දික් කළ අතිරේක ක්‍රීඩකයාට ICC ය ඉතිහාසයේ පළමු වරට ලබා දුන් දඬුවම මෙන්න.

ඊයේ තරඟයේදී බංගලාදේශ ක්‍රීඩකයින් හැසිරුණ විදිය ක්‍රීඩාවට කොහෙත්ම ගැලපෙන්නේ නෑ. ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් බංගලාදේශයේ මේ ක්‍රියාව විවේචනය කරලා තිබ්බා. දැනටමත් ICC ය එ් ගැන පරීක්ෂණයක් අාරම්භ කරලා තියෙන්නේ.

හතරේ සීමාව ආසන්නයට ඇවිත් පිටිය මැද පන්දුවට පහර දෙමින් සිටි පිතිකරුවන්ට ක්‍රීඩා පිටියෙන් ඉවත් වන ලෙස ආවේගශීලිව අණ කළ නායක ෂකීබ් අල් හසන්ට සහ තිසරට ඇගිල්ල දික් කරමින් තර්ජනය කළ අතිරේක ක්‍රීඩක නුරුල් හසන්ට තරඟ මුදලින් 25% ක දඩයක් ICC ය නියම කරලා තියෙනවා. එ් වගේම දඩුවම් ලකුණ බැගිනුත් දෙදෙනාටම ලබා දුන්නා. ICC ය 2016 දෙසැම්බර් 22 දා අලුත් නීතිරීති ප්‍රකාශයට පත් කරාට පස්සේ ක්‍රීඩකයින්ට දඩුවම් කරපු පළවෙනි අවස්ථාව මේක.


News Articles
Latest Videos
Most Popular Post