ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තරඟයක් අතරතුරදී කණ්ඩායමක් හැසිරුණ නරක හැසිරීම පහුගිය බංගලාදේශ, ශ්‍රී ලංකා තරඟයේදී බලාගන්න පුළුවන් වුනා. ඒ බංගලාදේශ කණ්ඩායමෙන්. පිටිය තුලදී මෙන්න ක්‍රීඩා විවේකාගරයේදීද බංගලි ක්‍රීඩකයන් යකා නැටුවා.
විශේෂයෙන්ම හදිසියේ කැඳවූ බංගලි නායක ෂකිබ් අල් හසන්ගේ හැසිරීම නයෙකයෙකුට තියා ක්‍රීඩකයෙකටවත් ගැළපෙන්නේ නෑ. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ක්‍රීඩක විවේකාගාරයේ වීදුරු දොරත් බංගලි ක්‍රීඩකයන් විනාශ කරලා තිබ්බා. CCTV දර්ශන වලින් මේ දොර කුඩු කරපු ක්‍රීඩකයා හොයා ගෙන තියෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි බංගලාදේශ නායක ෂකිබ් අල් හසන්මයි.
තරඟය ජයග්‍රහණය කරට පස්සේ උද්දාමයට පත්වන ඔහු දොර වේගයෙන් අරගෙන එළියට එනවා. ඒ වෙලාවේ දොර වේගයෙන් බිත්තියේ වැදී කුඩු වෙනවා. කොහොම වුනත් මේ CCTV දර්ශන තාමත් මාධ්‍යට නිකුත් කරලා නෑ. ICC ය මේ වන විටත් මේ සිදුවීම් ගැන පරීක්ෂණ ආරම්භ කරලයි තියෙන්නේ.