News Line| Off Air
Generic placeholder image

Mar
18

“මගේ නම රෝහිත් ශර්මා, මම ඉන්නේ ලංකාවේ” – ලංකාවම මවිත කරමින් රෝහිත් ශර්මා සිංහල කතා කරන Video එක මෙන්න.

2545 Views


“මගේ නම රෝහිත් ශර්මා, මම ඉන්නේ ලංකාවේ” – ලංකාවම මවිත කරමින් රෝහිත් ශර්මා සිංහල කතා කරන Video එක මෙන්න.

ඉන්දියාව සහ බංගලාදේශය කියන්නේ ලංකාවේ අසල්වැසි රටවල් 2 ක්. නිදහස් කුසලානයට තරඟ වදින්න මේ රටවල් දෙකම ලංකාවට ඇවිත් තියෙන්නේ. කොහොම වුනත් අවසන් තරඟයේදී බංගලාදේශයේ හැසිරීම නිසා ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ගේ ඔවුන් ගැන තිබ්බ ගෞරවය නැති වෙලා ඉවරයි. විශේෂයෙන්ම නායක ශකිබ්ගේ නොහොබිනා හැසිරීම ලෝකය පුරාම ක්‍රිකට් විචාරකයින් හෙලා දැකල තිබ්බා.

එක නායකයෙක් ඒ විදියට හැසිරෙද්දී ඉන්දියානු නායකයාගේ හැසිරීමක් ගැනත් ක්‍රිකට් ලෝකය කතා කරන්න පටන් අරන්. ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ දිරිගන්වන්නෙක් වුන නිලාම්ගේ පියා බලන්න ඔහුගේ නිවසට ගියා. පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාව ඉන්දියාවේ කල සංචාරය අතරතුරදී තමයි නිලාම්ගේ පියා අසනීප වෙන්නේ. ඒ වෙලාවේ නිල්ම්ට ඉක්මනට ලංකාවට යන්න ගුවන් ටිකට්පත් අරන් දෙන්නේ රෝහිත් ෂර්මා.

“මගේ තාත්තාගේ රෝගී තත්වය දැන ගත්තම මම ගොඩක් පිඩාවට පත්වුණා. එත් ශර්මා මට කලින් එන්න ටිකට් අරන් දුන්න නිසා තාත්තගේ සැත්කම සාර්ථකව කරගන්න පුළුවන් වුණා. ෂර්මා මට සල්ලිත් දෙන්න හැදුවා. මම ගත්තෙ නෑ. ඔහු රත්තරන් මනුස්සයෙක්.” නිලන් කඳුළු පිරුණු දෑසින් රෝහිත් ෂර්මා ගැන කිව්වේ එහෙමයි.

කොහොම වුනත් ෂර්මා ඒ සිදුවීම එතනින් අමතක කරේ නෑ. නිදහස් කුසලානයට ලංකාවට ඇවිත් ඉන්න අතරතුර ඔහු නිලාම්ගේ පියා බලන්න ඔහුගේ ගෙදරට ගියා. නිලාම්ගේ පවුලේ අයත් එක්ක සුහද කතාබහක නිරතවුණ ෂර්මා Photo කිහිපයක් ගහන්නත් අමතක කරේ නෑ.

නිලාම්ගේ ගෙදරට ආව ෂර්මාට නිලම සහ ගයන් සිංහලත් ඉගැන්නුවා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Video ව.

https://www.facebook.com/IndianCricketTeam/videos/1796303523724666/

රෝහිත් ෂර්මා, නිලාම්ගේ පියා බලන්න ගිය අවස්ථාවේ Photo.


News Articles
Latest Videos
Most Popular Post