News Line| Off Air
Generic placeholder image

Mar
18

vpn වලින් Facebook ගිය අයගේ ගිණුම් වලට සයිබර් ප්‍රහාරයක අවධානමක්

1102 Views


vpn වලින් Facebook ගිය අයගේ ගිණුම් වලට සයිබර් ප්‍රහාරයක අවධානමක්

පසුගියදා නුවර ඇතිවුණු හදිසි තත්වයත් එක්ක මාර්තු 7 වනදා ඉදලා ලංකාවේ සමාජ මාධ්‍ය තහනම් වුණා. හැබැයි FB තහනම් කරලා පැයක් යන්නත් කලින්ම vpn වලින් හැමෝම ආයෙත් FB ගියා. පහුගිය ටිකේ ලංකාව වැඩියෙන්ම Google serch කරලා තියෙන්නේ vpn.

vpn කියන්නේ virtual private network කියන එකයි. මේ හරහා ලංකාවේ ලක්ශ දහයකට වැඩි පිරිසක් වෙනත් රටවල නමින් සාදාගත් ජාල හරහා තමයි FB ගියේ. කොහොම වුණත් දැන් Facebook තහනම ඉවරයි. ඒ නිසා VPN ඕනේ නෑ.

හැබැයි vpn භාවිතා කරපු ගිණුම් වල තොරතුරු, Password තවත් පාර්ශවයකට යෑමේ අවධානමක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පැවසුවේ vpn භාවිතා කළා නම් ඉක්මනටම ඔබේ ගිණුමේ Password වෙනස් කරගන්න කියලයි.


News Articles
Latest Videos
Most Popular Post