News Line| Off Air
Generic placeholder image

Mar
21

පිටිය මැදදී රණ්ඩු වුණ ක්‍රිකට් තරුවට පැනවූ දඩුවම ICC ය ඉවත් කරයි.

772 Views


පිටිය මැදදී රණ්ඩු වුණ ක්‍රිකට් තරුවට පැනවූ දඩුවම ICC ය ඉවත් කරයි.

මේ දවස් වල ක්‍රිකට් ක්‍රීඩාවේ සිද්ධ වෙන්නේ නම් එච්චර හොද දේවල් නෙවෙයි. ක්‍රීඩාවේ ජීව ගුණයට හානි වෙන සිදුවීම් කිහිපයක්ම මේ දින වල වාර්තා වෙනවා. ඒ අතර වඩාත් කතා බහට ලවුන සිදුවීමක් තමයි බංගලාදේශ ක්‍රීඩකයින්ගේ හැසිරීම.

මේ අතර තවත් ඒ වගේ සිදුවීමක් දකුණු අප්‍රිකාව සහ ඔස්ට්‍රේලියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟයේදී සිද්ධ වුණා. දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රීඩක රාබඩා ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් සමඟ රණ්ඩුවක් ඇති කර ගන්න හැදුවා. ඒ නිසා රාබඩාට තරඟ 2ක තහනමක් පනවන්න තරඟ තීරකවරයා තීරණය කළා.

කොහොම වුනත් මේ තහනමට එරෙහිව රාබඩා ICC යට අභියාචනයක් ඉදිරිපත් කළා. අභියාචනය සලකා බැලුව ICC ය රාබඩාගේ තරඟ තහනම ඉවත් කළා. ඒ වෙනුවට තරඟ මුදලින් 25% ක දඩයක් සහ දඩුවම් ලකුණක් ලබා දෙන්නයි විනය කමිටුව තීරණය කරේ.


News Articles
Latest Videos
Most Popular Post