News Line| Off Air
Generic placeholder image

Mar
21

අජන්ත, අසේල, සීක්කුගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුධ හමුදාවෙන් එන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්න.

7547 Views


අජන්ත, අසේල, සීක්කුගෙන් පස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යුධ හමුදාවෙන් එන සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා මෙන්න.

ශ්‍රී ලංකා ක්‍රිකට් වල කැපී පෙනෙන ක්‍රීඩකයින් කොටසක් ඉන්නවා. ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයින් මොවුන්ව හදුන්වන්නේ “Army Boy” කියලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කවුද කියලා. ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආපු ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඉන්නවා.

අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ ප්‍රසන්න, අසේල ගුණරත්න ලංකාවේ ක්‍රිකට් ගහන Army Boy ලා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අමාරුවේ වැටුන වෙලාවට පීඩනයත් දරාගෙන කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවලා තියෙනවා. අවසන් වුන අන්තර් සමාජ T20 තරඟාවලියේදී තවත් Army Boy කෙනෙක්ගේ දක්ෂතා දැක ගන්න පුළුවන් වුණා.

ඒ තමයි ජනිත් චතුරංග සිල්වා. ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම නියෝජනය කළ ජනිත් තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. දකුණත් වේග පන්දු යවන්නෙක් සහ ප්‍රහාරාත්මක පිහිකරුවෙක් විදියට ඔහු කැපී පෙනෙන දස්කම් දැක්වුවා. මේ තරඟාවලියේදී තරඟ 7 කදී ඔහු ලකුණු 123 ක් ලබා ගත්තා. ඒ වගේම කඩුලු 11 ක් දවා ගත්තා. ජනිත්ගේ කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 12.18 ක්. පන්දු යැවීමේ සාමාන්‍ය 6.48 ක්. 27 වන වියේ පසුවන ජනිත් බලපිටිය රේවත විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙක්.

අජන්ත මෙන්ඩිස්, සීක්කුගේ, සහ අසේල ගිය පාරේම යන්න ජනිත්ටත් පුළුවන්කම තියෙනවා. හැබැයි මේ ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දීලා උඩට ගන්න එක ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමක්.


News Articles
Latest Videos
Most Popular Post