සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් රඟපාපු Bajrangi Bhaijaan Film එක චීනේ තිරගත කරන්න යනවා කියල අපි ඔබට කලින් කිව්වනේ. හැබැයි බොලිවුඩ් විචාරකයෝ නම් කිව්වේ චීනේ ජනප්‍රියම බොලිවුඩ් නළුවා අමීර් ඛාන් හින්දා සල්මන්ගේ Bajrangi Bhaijaan අසාර්ථක වෙයි කියලයි. හැබැයි දැන් ඒ කතා ඔක්කොම පුස්සක් කරමින් මේ වෙද්දී Bajrangi Bhaijaan අති සාර්ථක විදිහට චීනේ තිරගත වෙනවා කියලයි. පළවෙනි සති දෙකේදී Film එකට චීනෙන් ලැබුණු ආදායම ඉන්දීය රුපියල් කෝටි 230 ක්. ඒත් එක්කම මේ වෙද්දී Bajrangi Bhaijaan Film එක ලබපු මුළු ආදායම ඉන්දීය රුපියල් කෝටි 860 ක් දක්වා ඉහළ ගියා. ඊළඟ සතියෙත් චීනෙන් මේ Film එකට හොඳ ආදායමක් ලැබෙයි කියලයි නිෂ්පාදකවරු හිතාගෙන ඉන්නේ. එහෙම වුනොත් ඉන්දීය රුපියල් කෝටි 900 ක් ලබපු 4 වෙනි හින්දි Film එක Bajrangi Bhaijaan වෙයි කියලයි විචාරකයෝ කියන්නේ.
https://youtu.be/Dq0__rptFaE